gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

එජාප රත්මලාන සංවිධායක ධුරය හිරුනිකාට

එක්සත් ජාතික පක්ෂයේ රත්මලාන ආසනයේ සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය  වෙත ලබාදීමට පක්ෂ නායකත්වය විසින් තීරණය කර ඇතැයි 'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.

රත්මලාන ආසන එජාප සංවිධායක ලෙස කටයුතු කලේ උපුල් ශාන්ත
සන්නස්ගල මහතාය.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය මහ මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂය සමග අවබෝධතා ගිවිසුමකට එළඹ එක්සත් ජාතික පක්ෂයේ 'අලියා' ලකුණ යටතේ තරඟ කලේ එක්සත් ජාතික පෙරමුණෙනි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රීක්කයෙන් තරඟ කල ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වූවාය.

මීළඟ මහ මැතිවරණය කොට්ඨාශ ක්‍රමය පදනම් කර ගනිමින් පැවැත්වීමට නියමිත හෙයින් ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගතව සිටින අනෙකුත් පක්ෂවල ප්‍රධානීන්ට ප්‍රධාන පක්ෂයක සහයෙන් ආසන සංවිධායක ධුර ලබා ගැනීමට සිදුව තිබේ.

ඒ අනුව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය චම්පික රණවක මහතා එක්සත් ජාතික පෙරමුණේ මහරගම ආසනයේ සංවිධායක ලෙස පත්වීමට නියමිතය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka