gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැල්ලවායේ බරපතල රිය අනතුරක් - 07ක් රෝහලේ - (photos)

වැල්ලවාය තනමල්විල මාර්ගයේ වත්ත ප්‍රදේශයේ දී අද (04) අලුයම සිදු වූ අනතුරකින් පුද්ගලයන් හත් දෙනෙකු තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුර සිදු වී ඇත්තේ ලොරි රථයක් සහ කාර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන්.

මෙසෙ අනතුරට ලක් වී ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්
පිරිසක් ගමන් ගත් ලොරි රථයක් සහ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ගමන් ගත් කාර් රථයක් බව පොලිසිය කියා සිටියා.

අනතුර සිදු වන අවස්ථාවෙදී කාර් රථයේ පුද්ගලයන් හතර දෙනෙකු ගමන් ගෙන ඇති අතර ඉන් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. කාර් රථයේ ළමුන් දෙදෙනකුද ගමන් කර තිබෙනවා.

අනතුර සිදු වන අවස්ථාවේ ලොරි රථයේ පුද්ගලයන් පස්දෙනෙකු ගමන් ගෙන ඇති අතර එම පුද්ගලයන් පස් දෙනාම තුවාල ලබා ඇති බවද සඳහන්.

-ජයන්ත වීරසේකර/යූ.එස්.පී බණ්ඩාර

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka