gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බබාලා බලාගන්න රජයෙන් උදව්වක්

කුඩා දරුවන් සිටින කාන්තාවන්ට තම දරුවන්ව දිවා සුරැකුම් මධ්‍යස්ථානවල නතර කර පහසුවෙන් සිය රැකියාව කර ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.

කාන්තා ශ්‍රම දායකත්වය රාජ්‍ය ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන තිබේ.

රාජ්‍ය පළාත් සභා රාජ්‍ය නොවන හා පෞද්ගලික යන අංශවල නියෝජිතයන්ගෙන් සමන්විත කමිටුවක් මේ
සඳහා පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත්කර තිබේ.

වර්තමානයේ ජාතික ශ්‍රම බළකාය තුළ කාන්තා ශ්‍රම දායකත්වය සියයට 36ක් පමණ වන අතර, දරුවන් රැකබලාගැනීමේ වගකීම නිසා කාන්තාව තමන් නියැළී සිටින රැකියාවලින් ඉවත් වීම හෝ රැකියා වෙත යොමු වීමට උනන්දුවක් නොගනී.

මේ නිසා සාධාරණ මිලකට ලබාගත හැකි උසස් තත්ත්වයේ දිවා සුරැකුම් පහසුකම් රට තුළ සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව රජය හඳුනාගෙන ඇත.

 ඉහළ අධ්‍යාපන මට්ටමකින් යුතු කාන්තාවන් සැලකිය යුතු පිරිසකගේ දායකත්වය රටේ ආර්ථිකය ඉහළ නැංවීම සඳහා යොදාගැනීම මින් අපේක්ෂා කෙරේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka