වව්නියාව ඕමන්ත පාලමොට්ටෙයි කේලවීකුලම් ප්‍රදේශයේදී තියුණු අයුධ වලින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්දියකට එම පුද්ගලයාගේ හිටපු බිරඳ ඇතුලු සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බවට ඕමන්ත පොලීසිය කියා සිටියේය.
කේලවීකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 30 හැවිරිදි බාලයියා සුදාකරන්
නැමති පුද්ගලයා සමග කලක පටන් ඔහුගේ දික්කසාද බිරිඳ හා බිරිඳගේ ඥාතීන් සමග ආරවුල් පැවති අතර පසුගිය 08 වනදා රාත්‍රියේ ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් හිටපු බිරිඳගේ ඥාතීන් විසින් අදාල පුද්ගලයාට තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කොට ඇති බවට ඕමන්ත පොලීසිය සැක පල කර සිටියි.
කෙසේ වෙතත් අදාල සිදු වීමෙන් පසුව මිය ගිය පුද්ගලයාගේ දික්කසාත වූ බිරිඳ හා බිරිඳගේ පියාද සමග බිරඳගේ සොයුරන් දෙදෙනෙකුද ඕමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරික්ෂණ කටයුතු සිදු කරයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
දික්කසාද බිරිඳ ඇතුලු සිව් දෙනෙකු විසින් හිටපු සැමියා කපා කොටා ඝාතනය කරයි..
2017-09-10T10:41:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



