gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය අද

‘‘ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය‘‘ අදට යෙදී තිබෙනවා.

ලොව සෑම රටකම මෙන්ම ශ‍්‍රී ලංකාවේ ද දක්නට ලැබෙන විවිධ සමාජීය ගැටළු අතර සියදිවි නසා ගැනීම් පිළිබඳ ගැටළුවට හිමිව ඇත්තේ ප‍්‍රමුඛ
ස්ථානයක්. මෑතක දී සිදු වූ බොක්සිං ක‍්‍රීඩක ගයාන් ජයවීරගේ සියදිවි හානි කර ගැනීම ද බොහෝ දෙනාගේ අවධානයට ලක්වුණා.

යම් පුද්ගලයෙකු දිවි නසා ගැනීම සඳහා සමාජමය කාරණා ඍජුව බලපාන බවයි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ. කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය කේ. කරුණාතිලක සඳහන් කළේ වැඩිම සියදිවි නසා ගැනීම් වාර්තා වන වයස් කාණ්ඩ 02ක් පිළිබඳව හඳුනාගෙන ඇති බවයි. එහිදී තාරුණ්‍ය වයස් කාණ්ඩවල පසුවන පිරිස් සහ මැදිවයස් කාණ්ඩවල පසුවන්නන් මෙලෙස වැඩි වශයෙන් සියදිවි නසා ගැනීම් දැකිය හැකි බවත් සඳහන් කළා.

මේ අතර අදට යෙදෙන ‘‘ලෝක සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ දිනය‘‘ වෙනුවෙන් සුමිත‍්‍රයෝ සංවිධානය ද විශේෂ වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා. එහි ප‍්‍රකාශිකාවක කියා සිටියේ කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී පෙරවරු 08.00ට එම වැඩසටහන් ආරම්භ වන බවයි.

සියදිවි නසාගැනීම් සමස්ත සමාජයටම වැරදි පූර්වාදර්ශයක් සපයන බැවින් එය වැළැක්වීමට කි‍්‍රයාකිරීම සමාජ වගකීමක් මෙන්ම යුතුකමක් ද වන බවයි සමාජ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka