gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිතීන් වෙනුවට කැලණි සරසවියෙන් විකල්පයක්

පරිසර හිතකාමී ගමන් මල්ලක්  හඳුන්වාදීම පසුගියදා කැලණිය විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණි.

මෙහි විශේෂත්වය වන්නේ බඩු බාහිරාදිය ගෙනයාමෙන් පසු එය හකුලා පොකට්ටුවක් වශයෙන් සාක්කුවේ පවා තබාගෙන ගෙන යා හැකි වීමයි.

Bag2එසේම මෙය වසර 2ක කාලයක් පරිහරණය කිරීමෙන් පසු
දිරාපත්වන ලෙස නිමවා තිබීමද විශේෂත්වයකි.

මෙම ගමන්මල්ල නිෂ්පාදනය කිරීමේදී ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළ කැලණිය විශ්වවිද්‍යාලයේ තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යූ.කේ.පී. ඈපා මහතා මෙහිදී අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.

"පොලිතීන් භාවිතය තහනම් කිරීමට තීරණය කිරීම කාලෝචිත ප්‍රශංසනීය තීරණයක්. මිනිසා ඇතුළු මුළු සත්ත්ව සංහතියේත් පරිසරයේත් සුරක්ෂිතතාව තහවුරු කිරීමත් එමගින් සිදුකර තිබෙනවා. එවන් අවස්ථාවක මිනිසාට හා සත්ත්ව සංහතියටත් පරිසරයටත් වන සුරක්ෂිතතාව තවත් තහවුරු කිරීම පිණිස මෙම ගමන්මල්ල හඳුන්වා දෙනු ලැබුවා."

මෙහිදී පරිසර හිතකාමි නව ගමන් මල්ල කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්.සේමසිංහ මහතාට තිරසර විසඳුම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ යූ.පී.කේ.ඈපා මහතා විසින් පිළිගන්වන ලදී.

කැලණිය විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී ඩබ්. එම්.කරුණාරත්නඑහි මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

-අද

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka