මුන්දලම පොලිස් බල ප්‍රදේශයට අයත් කන්ද තොඩුවාව වෙරළ තීරයට නාදුනන මළ සිරුරක් ගොඩ ගැසී ඇතැයි ධීවරයින් විසින් මුන්දලම
පොලීසියට කල දැණූම් දිමකට අනුව මූලික පරික්ෂණ ආරම්භ කර ඇත උඩප්පුව මුහුදු තීරයට අයත්
කන්දතොඩුවාව වෙරළේ පසුගිය අට වෙනිදා මෙම මෘත දේහය පාවෙමින් පැමිණ ඇති අතර, අදාළ මෘත දේහයේ සම්පූර්ණයෙන්ම විකෘති වී තිබූ බවත්, සිරුරේ සමහර ස්ථාන වල අස්ථි පමණක් දක්නට ලැබෙන අතර, මෙම මළ සිරුර හිමි පුද්ගලයා කව්දැයි නිශ්චිතව හදුනා ගැනීමට නොහැකි බව පරික්ෂණ පවත්වන මුන්දලම පොලීසය සදහන් කරයි
ඒ අනුව පුලුල් පරික්ෂණ කටයුතු ආරම්භ කල මුන්දලම පොලීසිය පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් දායානි රස්නායක මෙනවිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂණ කටයුතු සිදුකල අතර, වැඩිදුර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සදහා මෘත දේහය පුත්තලම මූලික රෝහල් මෘත ශරීරාගාරය වෙත රැගෙන යාමට පොලීසියට නියෝග කර තිබුණි
වෙරළ තීරයේ තිබී දිරා පත්වන ලද මළ සිරුරක් හමුවෙයි
2017-09-11T09:52:00+05:30
Gossip Lanka Hot News
slide|





Posted in: 



