ජිප්සීස් නායක සුනිල් පෙරේරා පසුගිය ජනවාරි මාසයේදී ආදායම් බදු දෙපාර්තමේන්තුවට ගොස් තමන්ගේ සමස්ත ආදායම පෙන්වා බදු ගෙවීමට අවශ්‍ය බවට කොමසාරිස්ට කරදර කිරීමේ පුවතක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තා වේ.
කෙසේවුවද, ඔහු එහි යනතෙක් බදුගෙවමින් සිට ඇත්තේ ජිප්සීස් සංගීත
කණ්ඩායම වෙනුවෙන් තමන්ට ලැබුණු ආදායම වෙනුවෙන් පමණි.
එහි ගිය සුනිල්, ජිප්සීස් සංගීත කණ්ඩායමට අමතරව තමන්ට මාර්ග කීපයකින් ආදායම් ලැබෙමින් ඇති බව පෙන්වා ඒවාටද බදු අයකරන ලෙස දන්වා ඇත.
ඔහු එසේ හෙළිකරණ තෙක් ඒ කිසිවක් පිළිබඳව ආදායම් බදු දෙපාර්තමේන්තුව දැන නොසිටි බවද පැවසේ.
දඬේ එක්ක බද්ද වසර 2කට ලක්ෂ 60යි !
ඔහු ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමාව මුණගැසී තම ලිපි ලේඛන ඉදිරිපත් කර ඇති අතර අදාළ තොරතුරුවලට අනුව සුනිල්ට ආදායම් බුද මුදල පමණක් නොව දඩ මුදලක්ද නියම ව ඇති බව වාර්තා වේ.
ඒ 2014 සහ 2015 වසර වෙනුවෙන් ලක්ෂ හැටක මුදලකි.
එය එකවර ගෙවීමට අපහසු බව දන්වමින් සුනිල් ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහනදායී වාරික ලෙස බදු සහ දඩ ගෙවන්න අවසර පතා තිබේ.
ඒ අනුව අවසානයේදී ඔහුට මෙම ලක්ෂ හැට මාස දොළහක් ඇතුළත ගෙවා හමාර කිරීමට සහන කාල සීමාවක් ලැබිණි.
එතැන් සිට මේ දක්වා ජිප්සීස් සුනිල් පෙරේරා මසකට රුපියල් ලක්ෂ පහ බැගින් ආදායම් බදු දෙපාර්තමේන්තුවට දඩ මුදල සහිත හිඟ මුදල් පියවමින් සිටින බව වාර්තා වේ.
ඔහු මේවන විට මාස නවයක කාලයක් එය ගෙවා හමාර බවද පැවසේ.
සුනිල්ගේ පියාගේ කාලයේ සිටම ඔවුන් ආදායම් බදු ගෙවා තිබේ.
ජිප්සීස් සංගීත කණ්ඩායම ඇරඹීමත් සමඟද සුනිල් ආදායම් බදු ගෙවා ඇති බව පැවසේ.
සුනිල් තම ආදායම් බදු ගෙවීම හේතුවෙන් ජිප්සීස් සංගීත කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ටද ආදායම් බදු ගෙවීමට සිදුවී ඇත.
තමන්ට හිමිවන ආදායම බෙදී යන ආකාරයක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරද්දී ජිප්සීස් සංගීත කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගේ ආදායම පිළිබඳවද ආදායම් බදු දෙපාර්තමේන්තුවට තොරතුරු දැනගන්නට ලැබීම ඊට හේතුවයි.
එබැවින් ඔවුන්ටද ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් බදු ගෙවිය යුතු බවට නියෝග ලැබී ඇත.
ජිප්සීස් සුනිල් ඉන්කම් ටැක්ස්ට් එකට ඇණයක් වෙයි !
2017-09-09T13:51:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



