gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාකිස්තානු තරඟාවලියට තේරීම් කමිටුවත් දන්නේ නැතුව නම් කරපු ටෙස්ට් සංචිතය මෙන්න

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර මේ මස අගදී ආරම්භ වීමට නියමිත තරගාවලිය සඳහා කණ්ඩායම තෝරාගැනීමට නම්කරනු ලැබ සිටින ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ මැදිහත්වීමකින් තොරව සිදුවී ඇතැයි වාර්තා වේ. පසුගිය 4
වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙම සංචිතයට අයත් ක්‍රීඩකයන් 25 දෙනා ප්‍රකාශ කරනු ලැබුවද ඒ වන විටත් ක්‍රිකට් තේරීම් කමිටුව නිල වශයෙන් ඉල්ලා අස්වී තිබිණ.

මෙම ක්‍රීඩකයන් 25 දෙනාගෙන් යුත් මූලික සංචිතය තෝරා ගැනීම පිළිබඳව කළ විමසීමේදී තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෙක් කියා සිටියේ අදාළ සංචිතය තෝරා දෙන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් කළ නමුත් ඒ වන විටත් තමන් ඉල්ලා අස්වී සිටි බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

“අපි එයාලට කලින්ම දැන්නුවා ඉන්දීය සංචාරයත් සමගින් අපි සියලු දෙනාම ඉල්ලා අස්වෙනවා කියලා. පාකිස්තානු තරගාවලිය තියෙන්නේ අපේ කාල වකවානුවට ඇතුළත්ව නෙමේ. ඒ නිසා අපට ඒ ගැන වගකීමක් ගන්න බෑ” යයි තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයා පැවසීය.

සනත් ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අගෝස්තු 29 වැනිදා ඉල්ලා අස්වූයේ ඉන්දීය පිලේ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී තමන්ගේ කටයුතු අවසන් වන බව නිවේදනය කරමිනි. රොමේෂ් කළුවිතාරණ, රංජිත් මදුරුසිංහ සහ එරික් උපශාන්ත යන මහත්වරු තේරීම් කමිටුවේ හිටපු සාමාජිකයෝ වූහ.

ඉතාමත් විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ කණ්ඩායමේ පුහුණු කාර්යමණ්ඩලයේ සහ කළමණාකාරීත්වයේ එකඟතාව මත මෙම ක්‍රීඩකයන් 25 දෙනාගේ සංචිතය නම්කරනු ලැබ ඇති බවයි.

මේ අතරවාරයේදී උපුල් තරංග ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වයටත්, තේරීම් කමිටු නිලධාරීන්ටත් විද්යුත් ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ සීමිත ඕවර සඳහා භාවිතයට ගැනෙන සුදු පන්දුව කෙරෙහි වැඩිපුර අවධානයක් යොමුකිරීම සඳහා මාස හයක කාලයකට තමන් ටෙස්ට් තරග වලින් මුදවන ලෙසයි. ක්‍රිකට් කළමණාකාරීත්වයෙන් ඊට අවසර ලැබී තිබේ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු වැනි ටෙස්ට් තරගය මේ මස අගදී ඩුබායි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අබුඩාබිහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය දිවා රාත්‍රී තරගයකි. අනතුරුව එක්දින තරග 5 ක් පැවැත්වෙන අතර තරගාවලියට ඇතුළත් විස්සයි-20 තරග 3 කි.

ශ්‍රී ලංකා – පාකිස්තානු ටෙස්ට් තරගාවලිය සඳහා නම්කරන ලද ක්‍රීඩකයන් 25 දෙනකුගෙන් සමන්විත සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), දිමුත් කරුණාරත්න, කෞෂාල් සිල්වා, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, රංගන හේරත්, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර, ජෙෆ්රි වැන්ඩසේ, මිලින්ද සිරිවර්ධන, ධනංජය ද සිල්වා, දුෂ්මන්ත චමීර, ඩිල්රුවන් පෙරේරා, මාලින්ද පුෂ්පකුමාර, රොෂේන් සිල්වා, අකිල ධනංජය, චරිත් අසලංක, ශමින්ද එරංග සහ ධම්මික ප්‍රසාද්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka