උදෑසන රථවාහන තදබදයට පිළියමක් ලෙස රජයේ සේවකයන් සඳහා නම්‍යශීලී කාර්යාල වේලාවක් පවත්වාගැනීමේ නියමු ව්‍යාපෘතියක් ලබන 18 වනදා සිට ක්‍රියාත්මක කෙරෙනවා.
රජයේ කාර්යාල රැසක් පිහිටි බත්තරමුල්ල ආශ්‍රිතව මුලින්ම ක්‍රියාත්මක
වන මෙම ව්‍යාපෘතිය යටතේ උදෑසන 7.30 සිට 9.15 දක්වා ඕනෑම වේලාවක සේවයට වාර්තා කිරීමට රජයේ සේවකයන්ට ඉඩ සැළසෙනවා.
එමෙන්ම ඔවුන් පැමිණි වේලාව අනුව නියමිත සේවා පැය ගණන නිමාකොට පස්වරුවේ 3.15 සිට 5.30 දක්වා කාලය තුළ නික්ම යා හැකියි.
කෙසේ නමුත් සියලුම සේවකයන් පෙරවරු 9.15 සිට 3.15 දක්වා අනිවාර්යයෙන් කාර්යාලයේ රැඳී සිටිය යුතු බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි ප්‍රකාශ කළේය.
රජයේ සේවකයන්ට වැඩට එන වේලාව වෙනස් වෙයි
2017-09-08T11:20:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



