gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රීඩා අමාත්‍යවරයාට 7 වන ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක්

පසුගියදා කොරියන් රජයේ ආරාධනය අනුව තෙදින නිළ සංචාරයක නියැලුණු සහභාගී වූ ගරු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසෙකර මැතිතුමා හා ලෝක තයිකොන්ඩෝ සම්මේලයේ සභාපති මහාචාර්ය චෞවු චුංවොන් මහතා අතර විශේෂ හමුවක් සිදුවුණි.

මෙරට තයිකොන්ඩෝ ක්‍රීඩාව ව්‍යාප්ත කිරීමට අවශ්‍ය තාක්ෂණික හා පුහුණු සහාය ලබා දීමට එහිදී සාකච්ඡා විය. ඒ අනුව කොරියානු ජාතික
තයිකොන්ඩෝ පුහුණුකරුවන්, නිල ඇදුම්, ක්‍රීඩා උපකරණ ඇතුළු අනෙකුත් පහසුකම් ලබා දීමට මෙන්ම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් කොරියාවට ගෙන්වා පුහුණුව ලබා දීමටත් එකගතාව පල විය. තවද ඉදිරිකාලයේදී ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල ක්‍රීඩා විද්‍යා උපාධි විෂය නිර්දේශයට තයිකොන්ඩෝ ක්‍රීඩාව ඇතුලත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසෙකර මහතා වෙතින් ඉල්ලීමක් ද කර සිටියේය.

මීට අමතරව කුකිවොන් (kukkiwon)  තයිකොන්ඩෝ මූලස්ථානයේදී එහි සභාපති ඕ හයන් ඩියුක්(Oh Hyun-deuk) මහතාද හමුවූ අතර දැනටමත් එම මූලස්ථානය මගින් පුහුණුකරුවන් ලංකාවට ලබා දී තිබීම පිළිබදව කෘතඥතාවය පලකල අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා 2018 වර්ෂයේදී ඉන්දුනීසියාවේ පැවැත්වීමට නියමිත ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී කරවීමට නියමිත ශ්‍රී ලංකා කණ්ඩායම එරට පුහුණුව ලබා දෙන ලෙස ඉල්ලීමක් ද සිදු කරන ලදි.

ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාට කුකිවොන් (kukkiwon)  තයිකොන්ඩෝ මූලස්ථානය විසින් 7 වන ශ්‍රේණියේ තයිකොන්ඩෝ ගෞරව කළු පටියක් ප්‍රදානය කිරීම සිදුවිය. එම මූලස්ථානය විසින් කිසියම් රාජ්‍යයක ක්‍රීඩා අමාත්‍යවරයකුට ප්‍රදානය කරනු ලබන ගෞරව කළු පටිහි උපරිම ශ්‍රේණිය 6 වන අතර දයාසිරි ජයසෙකර මහතා වූෂු ක්‍රීඩාව ඇතුළු තවත් ආත්මාරක්ෂක සටන්ක්‍රම  හදාරමින් පෙන්වා ඇති දක්ෂතා හේතුවෙන් පැවති එන සම්ප්‍රදාය ඉක්මවා 7 වන ශ්‍රේණියේ කළු පටියක් ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක් විය.


මෙම අවස්ථාවට ශ්‍රී ලංකා තයිකොන්ඩෝ සංගමයේ සභාපති කංචන ජයරත්න මහතාද සහභාගී විය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka