gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකාවේ පරාජයන් හමුවේ විස්තර විචාරක කුටියේ අසරණ වූ රසල් ආර්නල්ඩ් කියපු කතාව

පසුගිය දවස්වල ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයන් හමුවේ ක්‍රිකට් විස්තර විචාරක ලෙස කටයුතු කළේ රසල් ආර්නල්ඩ්.

ඔහු කියා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් විචාරක කුටියේ තමන් ඉතා අසීරු කාලයක් ගත කරන බවටයි.

තරග 9-0ක් ලෙස අවසන් වූ ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන්නේ ශ්‍රී ලංකා
සංචාරය පිළිබඳව බීබීසි පුවත් සේවය සමග කළ සාකච්ඡාවකට එක්වෙමින්.එම සංවාදයේදී ඔහු මෙම ප්‍රකාශය සිදුකර තිබෙනවා.

“ගොඩක් අමාරුයි, අපි හැමවෙලේම උත්සහ කරන්නේ හොඳ දේවල් මතුකරන්න, අඩුපාඩු මතුකරන්නේ නැතුව. රට වගේම ක්‍රීඩකයන්වත් ප්‍රොමෝට් කිරීමට තමයි උත්සහ කරන්නේ. හැබැයි ක්‍රීඩකයන්ගෙන් කිසි දෙයක් එන්නේ නැතිවුනාම ඒක ගොඩක් අමාරු වෙනවා”

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තම කණ්ඩායම වෙනුවෙන් මීට වැඩි දායකත්වයක් ලබාදිය හැකි බව තමන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ මතයවූ බව ද ඔහු වැඩිදුරටත් පෙන්වාදී තිබෙනවා.

දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ කණ්ඩායම ඉදිරියට ගෙන ඒමේ වගකීම ඇත්තේ අන් කවුරුන්ටත් වඩා ක්‍රීඩකයන්ට බව පැවසූ රසල් ආර්නල්ඩ් ශ්‍රී ලංකා කණ්ඩායම තම දක්ෂතාවලට අනුව ක්‍රීඩා නොකළ බව කියා සිටියා.

ඉන්දීය කණ්ඩායම ඉතා හොඳින් ක්‍රීඩා කළ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම තම හැකියාවන්ට අනුව ක්‍රීඩා නොකළ බව “ඇස් වහගෙන” වුව කිවහැකි බව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරක රසල් ආර්නල්ඩ් ප්‍රකාශ කළ බවයි බීබීසි පුවත් සේවය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka