වෘත්තියෙන් කෙක්කෙන් පොල් කඩන්නකු චීනයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සදහා සුදුසුකම් ලබා ඇතැයි හලාවතින් වාර්තා වේ.
එසේ සුදුසුකම් ලබා අත්තේ හලාවත, දෙමටපිටිය, පුහුල්හේන ප්‍රදේශයේ
පදිංචි එස්.එම්.කුලරත්න නැමැත්තෙකි.
හතලිස් හත් හැවිරිදි දෙදරු පියෙකු වන ඔහු මළල ක්‍රීඩා තරග වලට ඉදිරිපත් වී ඇත්තේද අහම්බෙනි.
ඔහුගේ දියණිය වන කාවින්ද්‍යා නෙත්මිණි දුර දිවීමට හපන්කම් ඇති දැරියකි.
නෙත්මි අධ්‍යාපනය ලබන්නේ දෙමටපිටිය කනිටු විද්‍යාලයේ වන අතර ඇය මීටර් 800,1500 සහ 5000 යන ඉසව් සදහා ඉදිරිපත් වී ඇත.
දියණියගේ පුහුණුවීම් වලදී ඇයගේ තනියට කුලරත්න මහතාටද දුවන්නට සිදුව ඇති අතර පසුව ඔහුගේ ඒ දිවීම චීනයේද දුවන්නට අවස්ථාව උදාකර දී තිබේ.
වස 2016 දී පැවති ජාතික ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරගාවලිය නියෝජනය කළ ඔහු එව වසරේම බෘනායි හී පැවති ජාත්‍යන්තර ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වී ඇත.
එහිදී මීටර් 800 සහ 1500 ඉසව් වලදී තෙවැනි ස්ථානය දිනා ගත් ඔහු මීටර් 5000 දුර දිවීමේ තරගයේ 2 ස්ථානය දිනා ගෙන ඇත.
පසුගියදා සිංගප්පුරුවේ පැවති ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරගයට සහභාගි වී මීටර් 1500 සහ 800 තරග වලින් ජයගත් ඔහු මීටර් 3000 ක් බාධක දුර දිවීමේ තරගයෙන්ද ජයග්‍රහනය කර ඇත.
චීනයත් දිනන් හැකි නම් කුලරත්නට සපත්තු දෙකක් අරන් දෙන්න..
ලබන 21 වැනිදා චීනයේ පැවැත්වෙන ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීමට සුදානමින් සිටින කුලරත්න මහතා පවසන්නේ තමන්ට සපත්තු දෙකක දැඩි අවශ්‍යතාවයක් ඇති බවය.
පසුගිය කාලයේ ප්‍රදේශයේ පැවති විවිධ ක්‍රීඩා (ගම හරහා දිවීම වැනි) තරල වලට තමන් සහ දියණිය ඉදිරිපත් වී ජයග්‍රහණය කළ විට ලැබුණු විවිධ ත්‍යාග අලවි කර සපත්තු දෙකක් මිළදී ගැනීමට කටයුතු කළත් එයද ප්‍රමාණවත් නොවන බව ඔහු කියා සිටී.
ඒ නිසාම තමන්ට ලැබුණු කුසලාන සහ පදක්කම් හැර සෙසු ත්‍යාග අලවි කිරීමටත්, ත්‍යාග කීපයක් පාවිච්චි කර ලොතරැයි පතක් දිණුම් ඇදීමටද ඔහු කටයුතු කර ඇත.
කුලරත්නගේ දියණිය මේ වන විට හලාවත කාර්මෙල් බාලිකා විද්යාලයේ ඉගෙණුම ලබමින් සිටින අතර, ඇයද මේ වන විට ජාතික සහ පළාත් තරග රැසක් ජය ගෙන ඇත.
ඇයටද ඇති ගැටළුව වී ඇත්තේ ක්‍රීඩාවේ ඉදිරියට යාමට කිසිවෙකුගේ සහායක් නොමැති වීම බවද කියති.
ජූඩ් සමන්ත - පුත්තලම වාර්තාකරු
පොල් කඩන කුලරත්න චීනයේ දුර දුවන්න වරම් ලබයි !
2017-09-08T10:01:00+05:30
Gossip Lanka Hot News
slide|












Posted in: 



