gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායම ගැටලුවක !

ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්වාභාවය හොඳ යැයි පැවසුවොත් අසත්‍යයක් බවත් කණ්ඩායමේ විශ්වාසය පහළ ගොස් ඇති බවත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු අසංක ගුණවර්ධන පවසයි.

අද (03දා) ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත පස්වැනි එක්දින තරගයට පෙරාතුව ඊයේ (02දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.

මේ අතර පසුගිය මාස 12ක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමකදී පන්දු 145ක් පමණ නිදැල්ලේ යවා ඇති බවත් ඔහු පැවැසීය.


“ කණ්ඩායමේ තත්ත්වය හොඳයි කිව්වොත් ඒක බොරුවක්. කණ්ඩායමේ විශ්වාසය ගොඩක් පහළ තිබෙන්නේ. ඔබ තරගාවලියක් 4-0ක් ලෙස පරාජය වුණාම ඒ වගේ දේවල් වෙනවා. නමුත් මා කිවයුතු වන්නේ අපේ කොල්ලන් හොඳින් මහන්සි වෙනවා.” යැයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරුවා පවසයි.

“එය සූදානමේ අඩුවක් නොවෙයි. අපිට මානසික මට්ටම හා පවතින දේවල් වෙනස් කර ගන්න ඕන. අපිට එය හොඳ තත්ත්වයට ගේන්න ඕන”

එක්දින තරගාවලිය 5-0ක් ලෙස පරාජයට පත්වීමේ අවධානමක් ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට 2019 ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවධානමක්ද ඇතිව තිබේ. එක්දින තරගාවලියේ තරග දෙකක් ශ්‍රී ලංකාව ජයගත්තේ නම් ඔවුන් ලෝක කුසලානයට සුදුසුකම් ලබාගන්නා අතර කොදෙව්වන්ට සුදුසුකම් ලැබීමේ වටයකට යෑමට අවස්ථාව තිබුණි.

“ දැන් ඒක අපගේ පාලනයෙන් ගිහින් තිබෙන්නේ. අපිට දැන් මේ තරගය දිනන්න ඕන. ඒ තමයි අපිට මෙයින් හැරෙන්න තිබෙන එකම ආකාරය.”

ශ්‍රී ලංකා කණ්ඩායම මෙ වන විට මුහුණදී ඇති ගැටලු අතර ප්‍රධානම කරුණක් වන්නේ පිතිකරුවන් ස්ථාවර වීම සඳහා විශාල පන්දු ප්‍රමාණයක් වැය කිරීමයි. “මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙමින් තිබෙන්නේ. පසුගිය මාස 12ක කාලය තුළ තරගයකදී අපි පන්දු 145ක් පමණ නිකරුණේ වැය කර තිබෙනවා. අපි කණ්ඩායමට කියලා තියෙන්නේ මෙය 15%කින් පමණ අඩු කර ගන්න කියලා. අපි බලන්නේ අපේ ලකුණු මට්ටම නිදැල්ලේ යොමුකරන පන්දුවලින් අඩු කරගන්න පුළුවන්ද කියලා”

“අපි අපගේ ඉදිරිපෙළ 5 දෙනාගෙන් එක් අයෙකුට කියා තිබෙන්නේ පන්දුවාර 45ක් ක්‍රීඩා කරන්න කියලයි. සබඳතා අඩුවීම ගැනත් අපි සාකච්ඡා කළා. අපි ඔවුන්ට කියා තිබෙන්නේ ලකුණු 100ට හා 75ට වැඩි සබඳතා පවත්වන්න කියලයි. අපි සිම්බාබ්වේ තරගාවලියේදී මේ දේ කළා. අපිට මේක හොඳින් කරන්න පුළුවන් වුණොත් අපිට හොඳ ලකුණු සංඛ්‍යාවකට යන්න පුළුවන්. ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka