හෙටින් (04) අවසන් වන උසස් පෙළ විභාගයෙන් පසු විභාග අපේක්ෂකයන්ට මධ්‍යස්ථාන අසල කලබලකාරි ලෙස හැසිරීම තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් විභාග කොමසාරිස්වරයා සදහන් කළේ එවැනි සිසුන් අත්අඩංගුවට ගන්නා ලෙස සියලූම පොලිස් ස්ථානාධිපතිවරුන් දැනුම්වත් කර ඇති බවයි. එසේම, එවැනි වරදකට හසුවුවහොත් අදාළ සිසුන්ගේ විභාග ප්‍රතිඵල අවලංගු කෙරෙනු ඇති.
හෙටින් උසස් පෙළ විභාගය අවසන් වන අතර, තුන් ලක්ෂ 50,000 ක පමණ සිසුන් පිරිසක් එදින සාමාන්‍ය පොදු පරීක්ෂණයට පෙනී සිටිනවා.
මේ අතර, උසස් පෙළ රසායන විද්‍යා විෂයට වංචනික ලෙස පිළිතුරු සැපයීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිසුවාට දිවි ඇති තෙක් විභාග තහනමක් පැනවීමට තීරණය කර ඇති බව ද විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර අද ප්‍රකාශ කළා.
වීඩියෝව පහතින්..
උසස් පෙළ විභාගය අවසන් කරලා කලහකාරි ලෙස හැසිරෙන සිසුන්ට වෙන දේ මෙන්න - (video)
2017-09-03T09:45:00+05:30
Gossip Lanka Hot News