දේශපාලනඥයින් ජනතාවට ලබා දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිවයුතු ක්‍රමයක් මේ රටේ ඇති කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා පැවසීය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ ඔරුගොඩවත්ත, සාංචි විහාරස්ථානයේ සංඝාවාසයේ වහල ප්‍රතිසංස්කරණය පිණීස රුපියල් ලක්ෂයක් වටිනා
සෙවිලි තහඩු ලබා දීමේ අවස්ථාවට එක්වෙමින්ය.
පහුගිය රජය සමයේ සිදු කල වංචා දූෂණ හා මිනීමැරුම් වලට නිසි පර්යේෂණ කරලා අධිකරණ ක‍්‍රියාමාර්ග වලින් දඩුවම් දෙන්න ඕන කියලා අපි කිව්වා. ඒ අනුව සිල් රෙදි නඩුව තමයි තමයි වංචාවන් විමර්ශනය කරලා දඩුවම් ලබා දීපු පළවෙනි නඩුව. අධිකරණයේ ක‍්‍රියාමාර්ග ගැන අපිට තීරණ දෙන්න බෑ. අධිකරණය නීතිය ක‍්‍රියාත්මක කරලා තියනවා. හැබැයි දේශපාලනඥයෙක් හැටියට මට හිතෙනවා රාජ්‍ය නිලධාරීන්ට
දේශපාලනඥයින් දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිවයුතුයි කියලා වගන්තියක් ගේන්න ඕන. පන්සල් වලට සිල් රෙදි බෙදන එක කිසිම වරදක් නැහැ.ඒත් සිල් රෙදි බෙදන්න කියලා දේශපාලනඥයා
කිව්වාම මැතිවරණ කාලෙදි සිල් රෙදි බෙදන එක වැරදියි ඒකට ඡන්ද ලේබල් එකක් දාන එක වැරදියි කියන එක ඒගොල්ලො තේරුම් ගැනීමට නොහැකි වීම සම්බන්ධව දඩුවම් විදින්න ඕන.
ඒවගේම සිල් රෙදි බෙදන්න කියලා නියෝග දුන්නු අයත් දඩුවම් විදින්න ඕන. වැරදි නියෝගයක් දේශපාලනඥයා නිලධාරීන්ට දුන්නම රජයේ නිලධාරියා දැනගන්න අවශ්‍යයි ඒක වැරදි නම් වැරදියි කියලා දේශපාලඥයාට පෙන්වලා දෙන්න. එහෙම වෙච්ච අවස්ථා ගිය ආන්ඩු කාලෙත් තියනවා මේ ආණ්ඩු කාලෙත් තියනවා. පෞද්ගලිකව මගේ අදහස නම්දේ ශපාලනඥයින් නිලධාරීන්ට දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිවය යුතු ක‍්‍රමයක් ගේන්න ඕන අපේ රටට.
දේශපාලනඥයින් නිලධාරීන්ට දෙන නියෝග සම්බන්ධව දේශපාලනඥයා වගකිව යුතු ක්‍රමයක් ඇති කළ යුතුයි - පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර්
2017-09-11T14:03:00+05:30
Gossip Lanka Hot News
slide|









Posted in: 



