මාස හයක් යනතෙක් තමාව ටෙස්ට් තරඟ සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙස ශ්‍රී ලංකා එක්දින හා විස්සයි 20 නායක උපුල් තරංග ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබෙනවා.
එක්දින හා විස්සයි20 තරග සඳහා මූලිකත්වය ලබාදීමට ඔහු මෙම
තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරනවා.
ඒ අනුව තරංගට මේ මස අවසානයේ පාකිස්ථානය සමගය පැවැත්වෙන ටෙස්ට් තරඟාවලියත්,ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන තරඟාවලියත් අහිමි වනු ඇතියි.
මේ අතර ඉදිරියේදී ආරම්භවීමට නියමිත පාකිස්තාන ටෙස්ට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක්ද ක්‍රිකට් ආයතනය තෝරාගෙන තිබෙනවා.
එම සංචිතයට විසි හැවිරිදි වියේ පසුවන නවක ක්‍රීඩක චරිත් අසලංක ඇතුළත්ව සිටීම විශේෂත්වයක්..එමෙන්ම අබාධ තත්වයන් නිසා පිටියෙන් ඉවත්ව සිටි ධම්මික ප්‍රසාද්, සුරංග ලක්මාල්,ෂමින්ද එරංග වැනි ක්‍රීඩකයන්ද මෙම සංචිතයට එක්ව තිබෙනවා.
දිනේෂ් චන්දිමාල්
ළහිරු තිරිමාන්න
ඇන්ජලෝ මැතිව්ස්
කුසල් මෙන්ඩිස්
නිරෝෂන් දික්වැල්ල
දිමුත් කරුණාරත්න
කෞෂාල් සිල්වා
රොෂේන් සිල්වා
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
සදීර සමරවික්‍රම
රංගන හේරත්
අකිල ධනංජය
දිල්රුවන් පෙරේරා
ලක්ෂාන් සඳකැන්
ජෙෆ්රි වැන්ඩසේ
මලින්ද පුෂ්පකුමාර
නුවන් ප්‍රදීප්
සුරංග ලක්මාල්
ෂමින්ද එරංග
ධම්මික ප්‍රසාද්
විශ්ව ප්‍රනාන්දු
දුෂ්මන්ත චමීර
ළහිරු කුමාර
මාස හයක් යනතෙක් එපා..! තරංග ටෙස්ට් බෑ කියයි...!
2017-09-05T08:31:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



