තම අකමැත්තෙන් බිරිඳ විදෙස් රැකියාවකට යැම නිසා සිත් වේදනාවකට පත්වූ දෙදරු පියකු ලණුවකින් ගෙල වැළලා ගෙන සියදිවි හානි කරගැනීමේ පුවතක් ගලේවෙල පට්‌ටිවෙල ප්‍රදේශයෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පට්‌ටිවෙල පටිගනාරාම පන්සල පාර පදිංචි එච්. ඒ. කේ. රත්නසේකර (48) නමැති අයෙකි.
මේ පිළිබඳව හදිසි මරණ පරීක්‌ෂණය ගලේවෙල හදිසි මරණ පරීක්‌ෂක
එච්. එම්. පී. ජී. කොස්‌වත්ත මහතා විසින් දඹුල්ල මහ රෝහලේදී පසුගිය 02 දා පවත්වන ලදී. එහිදී සාක්‌ෂි දුන් මියගිය තැනැත්තාගේ බිරිඳගේ සොහොයුරකු වන ඊ. එම්. ආර්. කේ. තෙන්නකෝන් (20) යන අය සාක්‌ෂි දෙමින් මෙසේ කීවාය.
zzමියගොස් සිටින්නේ මගේ අක්‌කා වන ලලනී දිල්රුක්‌ෂි යන අයගේ සැමියායි. ඔවුන්ට වයස අවුරුදු 10 හා 13 යන වයස්‌වල දියණියන් දෙදෙනකු සිටිනවා. අක්‌කා මීට පෙර අවුරුදු කීපයක් විදෙස් රැකියාවක නිරතව සිට ආපසු පැමිණියා. නැවත ඇය විදෙස් ගත වීමට උත්සාහ කරද්දී මස්‌සිනා ඊට නොසතුට පළකළා. මේ හේතුවෙන් මීට සති දෙකකට පමණ පෙර ඔහු වස පානය කළා. එයින් ඔහු බේරුණා. මස්‌සිනාගේ විරෝධය මැද ඇය පසුගිය 02 වැනිදා විදෙස් ගතවුණා. එදින සවස 4.00 ට පමණ ඔහු නිවසේ කෑම කාමරයේ බාල්කයක ලණුවකින් එල්ලී සියදිවි හානි කරගෙන ඇති බව ආරංචි වුණා. මස්‌සිනාගේ අකමැත්තෙන් අක්‌කා විදෙස් ගතවීම නිසා සිත් වේදනාවට පත් වී ඔහු එල්ලී සියදිවි හානි කරගන්නට ඇතැයි සිතනවා.ZZ යෑයි පැවසීය. ඩී. එම්. පොඩිමැණිකා යන අයද මෙහිදී සාක්‌කි දුන්නා ය.
දඹුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බී. එම්. පී. බෝරුක්‌ගම මහතා පශ්චාත් මරණ පරීක්‌ෂණය පැවැත්වීය.
ඉදිරිපත් වූ සාක්‌ෂි සැලකිල්ලට ගත් හදිසි මරණ පරීක්‌ෂකවරයා මෙය ගෙල සිරවීමෙන් ස්‌වසනය අපහසු වී සිදුවූ හදිසි මරණයක් බවට නිගමනය කළේය. ගලේවෙල පොලිසියේ පො. කො. 44365 වාස් ගුණවර්ධන මහතා සාක්‌ෂි මෙහෙයවීය.
-දිවයින
එපා කියද්දී බිරිඳ රට ගියා කියා සැමියා දිවිනසාගනියි
2017-09-09T12:03:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



