රථවාහන වැරදි සඳහා පනවනු ලබන රුපියල් 25,000 ක අවම දඩ මුදල ගැසට් කිරීම ලබන සතිය තුළ සිදුකිරීමට හැකියාව පවතින බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ ප්‍රකාශ කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ මෙම දඩය
ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව මේ වනවිට සකස් වෙමින් පවතින බවයි.
එමෙන්ම යතුරුපැදි, හිස් වැසුම් සඳහා එස්.එල්.එස් සහතිකය ද අනිවාර්ය කර තිබෙනවා.
මේ අතර, පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහන කරන ත්‍රිරෝද රථ සඳහා ටැක්සි මීටරයක් තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණා.
ප්‍රවාහන අමාත්‍යාංශය විසින් අදාළ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේ නිකුත් කර ඇත්තේ ලබන ඔක්තෝම්බර් මස 1 වන දා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ඒ අනුව පුද්ගලයන් හෝ භාණ්ඩ ප්‍රවාහනය කිරීමෙන් පසු ත්‍රිරෝද රථ රියදුරා විසින් රිසිට් පතක් නිකුත් කිරීම අනිවාර්ය බවයි.
ගමන් කළ දුර, වාහන ලියාපදිංචි අංකය, අය කළ ගාස්තුව සහ ලබාගත් දිනය එහි දැක්විය යුතු බව ගැසට් නිවේදනයේ දැක්වෙනවා.
අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයෙන් අප විමසීමක් කළා.
ඊට ප්‍රතිචාර දැක්වූ එම සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන කියා සිටියේ ජනතාවට ද සහනයක් ලැබෙන පරිදි ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් නීති සකස් කිරීමේදී ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු බවයි.
මීටර් ටැක්සි එළවන අයයි.. නැගලා යන අයයි දැනගන්නම ඕන දෙයක් - Photos
2017-09-09T14:50:00+05:30
Gossip Lanka Hot News
slide|







Posted in: 



