gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහේල හා සිදත් ක්‍රිකට් පරිපාලනයට අත ගසයි - (photos)

කිසිදු පාර්ශවයකට පක්ෂග්‍රාහී නොවී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ නැංවීම සඳහා පාසල් මට්ටමින් ගත හැකි සියලු තීන්දු තීරණ ගැනීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වයෙන්
මිදීම සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සමග ඊයේඅධ්‍යාපන අමාත්‍යාංශයේ සාකච්ඡාවක් පවත්වනු ලැබිය.

මහේල ජයවර්ධන සහ සිදත් වෙත්තමුණි ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

තෝරාගැනීමේ කමිටුවට දෙදෙනෙක් :

මෙම සාකච්ඡාවේ දී 19 න් පහළ ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ කමිටුවට පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරමින් නියෝජිතයින් දෙදෙනකුට සහභාගි වීමට පෙර තිබූ අවස්ථාව යළි ලබාගැනීමටත්, සියලුම පළාත් නියෝජනය වන පරිදි සියලුම පහසුකම් සහිතව උසස් තාක්ෂණික ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීම, ක්‍රිකට් සංචිතයට ඇතුළත්වන සිසුන් සඳහා මසකට රුපියල් 2,500 ක දීමනාවක් ලබා දීම, පළමු ශ්‍රේණියේ ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සුදුසුකම් සහ ප්‍රමිතිය සාධනීය මට්ටමකට ගෙන ඒමට පියවර ගැනීම සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සහ ක්‍රීඩකයින්ගේ විනය සහ සදාචාරාත්මක ප්‍රතිපත්තීන් ඉහළ තලයකට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම යන කරුණු සම්බන්ධව මෙහිදී සාකච්ඡා කරනු ලැබිය.

ප්‍රවීන ක්‍රීඩකයින්ගේ අදහස් හා යෝජනා ඇතුළත් කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග සහ යෝජනා ඇතුළත් වාර්තාවක් සකස් කිරීම සඳහා උපදේශක කමිටුවක් පත් කළ අතර සිදත් වෙත්තමුනි, රොජර් විජේසූරිය,මහේල ජයවර්ධන, ජයන්ත සෙනෙවිරත්න, කාල්ටන් බර්නාඩ් යන පිරිස සහ පාසල් ක්‍රිකට් සංගමයේ සාමාජිකයින් පුහුණුකරුවන් ඇතුළු පිරිසකගෙන් මෙම කමිටුව සමන්විතවේ.

මෙම උපදේශක කමිටුව විසින් ඉදිරිපත් කරන වාර්තාව අනුව අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසිය.

-නෙත් නිව්ස්

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka