gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාරිභෝගික විදුලිබිල වැරදියි

ඉල්ලීම් තුනක් මුල්කර ගනිමින් අද (13දා) දහවල් 12 සිට පැය 48ක වැඩවර්ජනයක් සිදුකරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති එකමුතුව සඳහන් කරයි.

පාරිභෝගික විදුලිබිල නිවැරදි කරන ලෙසට හා ගෙවීම් පැහැර හැර ඇති අර්ථසාධක අරමුදලේ රුපියල් මිලියන 2000 ක් තැන්පත් කරන ලෙස සහ
වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම වර්ජනය සිදුකරන බවද එම සංගමයේ සම කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේය.

බලධාරීන් විසින් සිදුකරන දූෂණය, නාස්තිය නිසා මණ්ඩලයට සිදුවන පාඩුව පියවා ගැනීම සඳහා සෑම විදුලි බිලකටම සැබෑ මුදලට 50%ක මුදලක් එකතුකර බිල්පත සකස් කරන බවද ඊයේ (12දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

මීට අමතරව අර්ථසාධක අරමුදලට සේවකයන්ගෙන් අයකරගත් රුපියල් මිලියන 2000ක් තැන්පත් කර නොමැති බවද පවසා සිටියේය. වර්ජනය සිදුවන පැය 48ක කාලය තුළදී විසඳුම  නොලැබුණහොත් 15 වන දින දහවල් 12 අඛණ්ඩ වැඩ වර්ජනයක් සිදුකරන බවද සඳහන් කළේය.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka