gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

'ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ නැහැ' - ක්‍රීඩා ඇමති

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවට වර්තමානයේ ඇතිවී තිබෙන ගැටලුවට ක්‍රිකට්‌ අතුරු කමිටුවක්‌ පත්කිරීමෙන් විසඳුම් සෙවිය නොහැකි බවත් අදාළ ප්‍රශ්නයට විසඳුම සාකච්ඡා මාර්ගයකින් විසඳ ගත යුතු බවත් ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා පවසයි.

වර්තමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට උද්ගතවී ඇති අර්බුද හේතුවෙන්
පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ්, නායක ඇන්ජලෝ මැතිව්ස්‌ සහ ක්‍රිකට්‌ තේරීම් කමිටුවද ඉල්ලා අස්‌විය.

ඒ අනූව ක්‍රිකට්‌ පරිපාලනයේත් වෙනසක්‌ සිදුකිරීමට ඇමැතිවරයාගේ අරමුණක්‌ තිබේද යන්න විමසන ලදුව, "මම ඡන්දයක්‌ තියල ක්‍රිකට්‌ පරිපාලනයක්‌ ඇති කළේ අතුරු කමිටු තියන්න නෙමෙයි. ඒ නිසා අතුරු කමිටුවක්‌ පත්කරන්නේ නැහැ." යෑයි ක්‍රීඩා ඇමැතිවරයා පිළිතුරු සැපයීය.

ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවදානමක:

බංග්ලාදේශය සමග ටෙස්‌ට්‌ තරගාවලිය 1-1 ක්‌ ලෙස සමව අවසන් කර ගත් ශ්‍රී ලංකාව ඔවුන් සමග පැවැති එක්‌දින තරගාවලියද 1-1 ක්‌ ලෙස සම තත්ත්වයේ අවසන් කර ගත්තේය.

අනතුරුව සිම්බාබ්වේට එරෙහිව එක්‌දින තරගාවලිය 3-2 ක්‌, ඉන්දියාව සමග ටෙස්‌ට්‌ තරගාවලිය 3-0 ක්‌, එක්‌දින තරගාවලිය 5-0 ක්‌ සහ විස්‌සයි විස්‌ස තරගාවලියද පරාජයට පත්විය. මේ සියලු පරාජයන් සිය මව්බිමේදී ලබද්දී 2019 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ අවදානමකද ශ්‍රී ලංකාව මේ වන විට මතුව තිබේ.

අදාළ තත්ත්වයට ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ගන්නා ක්‍රියාමාර්ගය කුමක්‌දැයි විමසන ලදුව, "කණ්‌ඩායමේ ප්‍රශ්න තියෙනවා. නමුත් මේවා පාරේ කතා කරලා විසඳ ගන්න පුළුවන් ඒවා නෙවෙයි. අපි 15 වැනිදා ක්‍රිකට්‌ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්‌ බත්තරමුල්ලේදී පවත්වනවා. ඒකට සියලුම දෙනාට ආරාධනා කරල තියෙනවා. එහෙම සාකච්ඡා කරල මේකට විසඳුම සොයා ගත යුතුයි. එහෙම නැතිව අතුරු කමිටු පත් කළා කියල විසඳුමක්‌ නැහැ. නිලවරණය තිබ්බෙ අතුරු කමිටු පත්කරන්න නෙමෙයිනේ." යනුවෙන් පැවසීය.

විශේෂ සාකච්ඡාවක් :

ඒ අනූව ලබන 15 වැනිදා හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ නායකයන්, හිටපු අතුරු කමිටු සහ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩල ප්‍රධානීන්, මුද්‍රිත සහ විද්යුත් ක්‍රීඩා කර්තෘවරුන්, වත්මන් ක්‍රිකට්‌ ප්‍රධානීන්, ක්‍රිකට්‌ තේරීම් කමිටු සාමාජිකයන් මෙන්ම ක්‍රිකට්‌ ප්‍රවීණයන් සියලු දෙනාටම ක්‍රීඩා අමාත්‍යංශය විසින් අදාළ සාකච්ඡාව සඳහා ආරාධනා කර තිබේ.

බත්තරමුල්ල වෝටර්ස්‌ ඒඡ් හිදී පැවැත්වෙන මෙම රැස්‌වීමේදී ක්‍රිකට්‌ නගා සිටුවීම සහ ක්‍රිකට්‌ ක්‍රීඩාවට සිදුවු දේ විවෘතව සාකච්ඡා කරමින් ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ග ඔස්‌සේ ක්‍රිකට්‌ දියුණු කිරීමේ අරමුණින් මෙය සංවිධානය කර ඇති බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

- දිවයින



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka