ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ පහරදීමකින් තරුණයෙකු දින ගණනාවක සිට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වනවා.
අදාල තරුණයා දඹුල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ තමන් පෞද්ගලික ආයතනයක සේවය කරන බවත් දඹුල්ල
ප්‍රදේශයේ තරුණියක් සමඟ වසර ගණනාවක සිට ආදර සම්බන්ධතාවක් පැවැත්වූ බවටයි.
මෙම සම්බන්ධයට උරණ වූ තම පෙම්වතියගේ පියා සහ සහෝදරයකු තමන් සේවය කරන ස්ථානයට පැමිණ තමන්ට වාහනයක දමාගෙන නිවසට කැඳවාගෙන ගොස් දැඩි ලෙස පහර දුන් බවයි තරුණයා පොලිසියට පවසා ඇත්තේ.
පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පහර දුන් බව කියන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට ගියද
ඔවුන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිදුවීම සම්බන්ධයෙන් දඹුල්ල පොලීසය පරීක්ෂණ පවත්වන බව සඳහන්.
දුරදිග ගිය ආදරයක් නිසා තරුණයෙක් අවසානයේ නතර වූ තැන (photos)
2017-09-04T11:26:00+05:30
Gossip Lanka Hot News
slide|