පාර්ලිමේන්තුව රැස්වන 6,7,8 යන දිනවලදී මැති සබය තුළ පිල් මාරු වීම් සිදුවීමට ඉඩ තිබෙන බවට මේ වන විට දේශපාලන ක්ෂේත්‍රය තුළ විශාල කතාබහක් සිදුවෙමින් පවතී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරයෙක් සහ
නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළේ ලබන සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වීමට බොහෝදුරට ඉඩ තිබෙන බවයි.
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයෙකු ජනයුගයට ප්‍රකාශ කළේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසක්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වී ආණ්ඩුවට සහාය දීමට සුදානමින් සිටින බවයි.
මේ අනුව මෙම පිල් මාරු වීම් ඉදිරි පාර්ලිමේන්තුව සතියේදී සිදුවීමට ඉඩ ඇති බවට දේශපාලන ක්ෂේත්‍රය පුරා ප්‍රබලව පැතිර යමින් පවතින නිසා 6,7,8 පාර්ලිමේන්තු පැවැත්වෙන දිනවල මැති සබය වෙත බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන බව දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
07-08 පාර්ලිමේන්තුවේ පෙරළියක්
2017-09-04T11:58:00+05:30
Gossip Lanka Hot News
slide|