gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මැතිවරණය පැවැත්විය හැකි දින 03ක් නම් කරයි

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකි දින 03ක් පිළිබඳ මැතිවරණ කොමිෂමේ අවධානය යොමුව තිබෙනවා.

පළමු දිනය වන්නේ දෙසැම්බර් 09 වැනිදායි. එහෙත් අපොස සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් 12 වැනිදා ආරම්භ වීමට නියමිත බැවින්
බොහෝ දුරට එම දිනයේ මැතිවරණය පැවැත්වීමට නොහැකි වනු ඇති බවටයි පැවසෙන්නේ.

මැතිවරණ කොමිසමේ අවධානය යොමුව ඇති සෙසු දින දෙක වන්නේ ජනවරි 06 සහ ජනවාරි 13යි. කෙසේ වෙතත් මේ දක්වා මැතිවරණය පැවැත්වීමට අදාළ නිශ්චිත දිනයක් පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති බවයි මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප‍්‍රිය කියා සිටියේ.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයා ඉකුත්දා අත්සන් තැබුවා. පනත සම්මතවීම ප‍්‍රමාදවීම හේතුවෙන් දිවයිනේ පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමටයි සිදුව තිබුණේ.

එහෙත් තවත් පනත් 03ක් සංශෝධනය කිරීමටද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. මහනගර සභා ආඥා පනත, නගර සභා ආඥා පනත හා ප‍්‍රාදේශීය සභා ආඥා පනත එම පනත් තුනයි.

කෙසේ වෙතත් එහි කටයුතු කඩිනමින් අවසන් කර මේ සතිය තුළ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ හැකි වනු ඇති බවයි පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය පැවසුවේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka