gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රාජපක්‌ෂ පවුලට ලැබෙන ප්‍රචාරයේ අඩුවක්‌ නෑ - නාමල්.

රාජ්‍ය මාධ්‍යවල ප්‍රවෘත්ති දෙස බැලීමේදී තවමත් පවතින්නේ මහින්ද රාජපක්‌ෂ මහතාගේ රජය දැයි සිතෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‌ෂ මහතා  පැවැසීය. පසුගිය රජය සමයේ රාජ්‍ය මාධ්‍යයේ ප්‍රවෘත්ති විකාශයේ පළමු පුවත

එවකට ජනාධිපතිව සිට තම පියා වන මහින්ද රාජපක්‌ෂ මහතාටද, දෙවන පුවත බැසිල් රාජපක්‌ෂ මහතාටද, තෙවන පුවත ගෝඨාභය රාජපක්‌ෂ
මහතාටද, සිවුවන පුවත තමාටද වෙන් කර තිබුණු බවත් ක්‍රීඩා පුවත නාවික හමුදා රගර් කණ්‌ඩායමේ තම සොහොයුරු යෝෂිත රාජපක්‌ෂ මහතාට වෙන්කර තිබුණු බවත් කී නාමල් රාජපක්‌ෂ මහතා එම අවිනීත මාධ්‍ය භාවිතාව පිළිබඳව තමා ඒ අවධියේම පාර්ලිමේන්තුවේදී පවා විවේචනය කළ බවත් කීවේය.

කෙසේ වෙතත් වත්මන් රජය යටතේද එම තත්ත්වය වෙනස්‌ වී නොමැති බව කී නාමල් රාජපක්‌ෂ මහතා තවමත් රාජ්‍ය මාධ්‍යවල පළමු පුවත මහින්ද රාජපක්‌ෂ මහතාට විරුද්ධව කවුරුන් හෝ සිදුකරනා ප්‍රකාශයක්‌ බවත්, දෙවැනි පුවත බැසිල් රාජපක්‌ෂ මහතාට එරෙහිව පවතින නඩුවක්‌ බවත්, තෙවන පුවත ගෝඨාභය රාජපක්‌ෂ මහතා එෆ්. සී. අයි. ඩී. යට කැඳවීමක්‌ බවත් කී නාමල් රාජපක්‌ෂ මහතා මේ අනුව බලද්දී යහපාලනය රජය යටතේද තම පවුලේ උදවියට ලැබෙන ප්‍රචාරයේ අඩුවක්‌ නැතැයි කීවේය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්‌ෂ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ විභාගවන නඩුවකට පෙනී සිටීමට 31 දා පැමිණි අවස්‌ථාවේදී මාධ්‍ය හමුවේ ඒ මහතා එසේ කීවේය. නඩු විභාගයෙන් පසුව මන්ත්‍රීවරයා අධිකරණයෙන් පිටව ගිය අයුරු ඡායාරූපයේ දැක්‌වේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka