gossip lanka

අවුරුදු 10-17 වයසේ දරුවන්ගෙන් 19%ක් අන්තර්ජාලයේ ලිංගික දර්ශන නැරඹීමට යොමුවෙලා - (photos)

අන්තජාල සුරක්ෂිතතාව පිළිබඳව දිස්ත්‍රික් ළමා සංවර්ධන කමිටු නිලධාරීන් දැනුවත් කිරිමේ  වැඩසටහන් මාලාවේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සංවිධානය කළ වැඩ සටහනක්  ගාල්ල හොල් ඩී ගොල් ශාලාවේ දී පැවැත්වුණා.

මෙම වැඩසටහන සඳහා, ගාල්ල දිස්ත්‍රික්කයේ සියළුම ළමා ආරක්ෂක
නිලධාරීන් සහ සියළු ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීන් සහභාගි වී සිටියා.

මෙහි දී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභපතිනි නීතිඥ මරිනිද ලිවේරා මහත්මිය පැවසුවේ මෙවැන්නක්.

"නව තාක්ෂණය වේගයෙන් ඉදිරියට ඇදෙන විට නීතිය ගොඩක් පිටුපසින්, ඒ අභියෝගය අපිටත් තිබෙනව.මාධ්‍ය නිදහසත් සමගින් නව මාධ්‍යය නිදහස සීමා කරන්න නොහැකි.  එහෙම නම් අපිට සිදු වෙනව අන්තර්ජාලය මගින් සිදුවන අපරාධ අපයෝජන ගැන ප්‍රජාව දැන්වත් කරන්න.මුළු ප්‍රජාවම බල ගැන්විය යුතුයි.ජාලගතව මෙම ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි".

මෙහි දී අදහස් දැක් වූ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ස්ථාන භාර විමර්ශන නිලධාරී, චම්පිය කේ අයගම මහතා පෙන්වා දුන්නේ අවුරුදු 10-17ක් වයසේ පසුවන දරුවන්ගෙන් 19%ක් අන්තර්ජාල භවිතා කරනුයේ ලිංගික දර්ශන නැරඹීමට යොමුව ඇති බවයි.

මෙරට කුරුණෑගල, මහනුවර, රත්නපුරය,කොළඹ, ගම්පහ,කළුතර, මීගමුව යන ප්‍රදේශයන්හි අන්තර්ජාල අපයෝජන සක්‍රිය කලාප ලෙස හඳුනාගෙන ඇති බවත් ඔහු පැවසුවා.

"අන්තර්ජාලය නිසා දරුවන් විනාශයට පත්වනවා. මේ සම්බන්ධයෙන් දෙමාපියන් වැඩිඅවදානයක් යොමුකළ යුතුයි. කායික මානසික අපයෝජනය වශයන් බෙදිය හැකිය.ලිංගික ආදි වශයෙන් බෙදිමක් කළ හැකියි.ළමා අපයෝජනය වෙනදාට වඩා අමුතුම  ආකාරයට සිදු වෙනවා.ළමා අපයෝජනය අවුල් වෙන්නේ නිසි පරිදි මේ හා සම්බන්ධ වු රාජ්‍ය ආයතන සම්බන්ධයක් නොමැති වීම,නිසි පරිදි සිදු නොකිරිමය. මිනිසා පරිසරයෙන් පරිසරය වෙනස් වන විට වෙනස් වෙනවා.තාක්ෂණය වෙනස් සුභවාදි ආකාරයට සකස් කරගෙන  යා යුතුව තියනවා ඒයයි අප කළ යුතුයි.චැට් රූම් දැන් ලංකාවේ ගම්මානවල ද වැඩිවෙලා තියනවා.මෙය ද සයිබර් ගණිකා ව්‍යාපාර, හා සූදු ද දැකිය හැකිය. මේයින් ආරක්ෂා වන්නට පියවර ගත යුතුයි.සමහර අත්තර්ජාල අපරාධ සදහා ජනමාධ්‍ය ද බලපානවා.මේ නිසා තොරතුරු හා අපරාධ ප්‍රචාරය කිරීමේ දී නිවැරදිව සිදු කළ යුතුයි.මේ නිසා ජනමාධ්‍ය භාවිතයද නිවැරදිව පරික්ෂමින් සිදු  කළ යුතුයි".

ශ්‍රි ලංකා හදිසි පරිගණක ප්‍රතිචාර සංසදයේ ප්‍රදාන ඉංජිනේරු රොහාන් චන්ද්‍රගුප්තද ගාල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් කමල් රණසිංහ ,  ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන නිලධාරින් ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන නියෝජනය කරන කාන්තා ළමා ඒකකවල පොලිස් නිලධාරිනියන්ද, මෙම අවස්ථාවට එක්ව සිටියා.

gossip lanka