gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගල්කිස්‌ස හෝටලයක මියගිය කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්‌

ගල්කිස්‌ස හෝටලයක සිහිසුන්ව සිටි කළුබෝවිල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය හිටපු කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‍ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය සම්පත් සේනතුංග මහතා විවෘත තීන්දුවක්‌ ලබාදුන්නේය.

මියගිය අයගේ සිරුරේ කොටස්‌ රස පරීක්‍ෂකවරයා වෙත යොමු කරන ලදි.

මෙලෙස මියගොස්‌ ඇත්තේ කළුබෝවිල සරණංකර පාරේ පදිංචිව සිටි මොහාන් චමින්ද විඡේතිලක නමැති 40
වියැති විවාහකයෙකි.

අලුත විවාහපත් මොහු පසුගිය 31 දින මෙලෙස ගල්කිස්‌ස ප්‍රදේශයේ හෝටල් කාමරයක්‌ තුළ සිහිසුන්ව වැටී සිට ඇති අතර එහිදී ගෙල වැලලා ගැනීමට උත්සාහ දරා ඇති බවට සැකකෙරෙන පටියක්‌ වැනි යමක්‌ හමුවූ බව පොලිසිය සඳහන් කළේය. දින හතර හමාරක්‌ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 5 දා දහවල් මොහු මිය ගියේය. මියගිය අයගේ මුහුණේ සුළු තුවාල තිබූ අතර මුඛයේ දත් කිහිපයක්‌ද කැඩී තිබිණි. මෙම මරණය සැක සහිත බව ඥතීන් පවසා තිබූ අතර ඒ බව රෝහල විසින් පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව විමර්ශනය ආරම්භ කර පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්විණි.

මියගිය අය ඇඟලුම් ක්‍ෂේත්‍රයේ නියුතු කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර ඔහුගේ බිරිඳ එවකට සිටි එක්‌සත් ජාතික පක්‍ෂයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ඥති දියණියකි. ඇයද වත්මන් එක්‌සත් ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේ ප්‍රබල සාමාජිකාවකි. මියගිය අයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුගියදා (09) දින කළුබෝවිල පොදු සුසාන භූමියේදී සිදුකරන ලදි. ගල්කිස්‌ස පොලිසිය විමර්ශන කරයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka