රජයේ වෛද්‍ය නිළධාරී සංගමය නැවත වරක් වෛද්‍ය වර්ජනයකට යොමු වීමට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
ඒ සයිටම් අර්බුදය විසදීම සඳහා පත් කළ ජනාධිපති කමිටුවේ ස්ථාවරයන්ට එරෙහිවයි. ඒ අනුව හෙට (13) සිට 15 වන දා දක්වා දිස්ත්‍රික්ක වශයෙන් එක්දින වැඩ වර්ජනයන්ට අවතීර්ණවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙන බව එම සංගමය ප්‍රකාශ කරනවා.
හෙට දිනයේදී යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍ය වරුන්ගේ මෙම වර්ජනය දියත් වන බවයි එම සංගමය ප්‍රකාශ කළේ.
හෙට දිනයේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, ත්‍රිකුණාමලය, මඩකලපුව, පොළොන්නරුව, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රීක්කවල රජයේ රෝහල් වල බාහිර ප්‍රථිකාර අංශ ක්‍රියාත්මක නොවනු ඇති බවයි වාර්තා වන්නේ.
" හෙට සිට නැවත වෛද්‍ය වර්ජන " හෙට දින රජයේ රෝහල් වැඩ නැති දිස්ත්‍රීක්ක මෙන්න .!
2017-09-12T08:33:00+05:30
Gossip Lanka Hot News
slide|