gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අධිවේගී මාර්ග බදු දීමට කැබිනට් පත්‍රිකාවක් !

විෂය භාර ඇමැතිවරයාට නොදන්වා අධිවේගී මාර්ග බදු දීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත්තේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ විෂය පථයක් සඳහා වෙනත් අමාත්‍යාංශයකින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම ගැටලු
සහගත බවත් මාර්ග සංවර්ධන අධිකාරිය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු මිල්ටන් විජයසුන්දර මහතා පවසයි.

මෙසේ විෂය භාර අමාත්‍යවරයාට නොදන්වා අධිවේගී මාර්ග බදු දීමට අරඅඳිනුයේ මාර්ග සංවර්ධන අධිකාරියේ ඉහළ තනතුරු දරන නිලධාරීන් කිහිප දෙනකු බවද හෙතෙම පැවැසීය.

කෙසේ වෙතත් තමන් ඇමැතිවරයා සමඟ පැවැති සාකච්ඡාවලදී අනාවරණය වූයේ මහා මාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද නොදැන මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් වී ඇති බවයි.

ඒ අනුව කිලෝමීටර් 170ක් වන අධිවේගී මාර්ග සමාගමකට බදු දීමට තීරණය කර තිබෙන බවත් මේ කටයුත්ත සඳහා කැබිනට් අනු කමිටුවක් හා ව්‍යාපෘති කමිටුවක් පත් කරන බවට එහි සඳහන්ව ඇති බවත් ඔහු පැවැසුවේය.

ජනතාවට ප්‍රතිලාභ නොලැබීම :

මුදල් අමාත්‍යාංශය විසින් ව්‍යාපෘති කමිටුවක් පත්කර ඇති අතර දැනට තිබෙන දක්ෂිණ අධිවේගී මාර්ගය, කටුනායක අධිවේගී මාර්ගය, පිටත වටරවුම් අධිවේගී මාර්ගය නඩත්තු කිරීම සඳහා සමාගමකට ලබා දීමට එමඟින් නිර්දේශ කර ඇති බවද හෙතෙම පැවැසීය.

අධිවේගී මාර්ග බදු දීමට ගත් තීරණයට එහි සේවකයන් 99%ක්ම විරුද්ධ බවත් මේ තත්ත්වය තුළ දැවැන්ත ලාබ ලබන අධිවේගී මාර්ගවලින් මෙරට ජනතාවට ප්‍රතිලාභ නොලැබී ඒවා බදු දෙන සමාගමට අත්වන බවත් ඔහු පෙන්වා දෙයි.

රාජ්‍ය ඇමති එරෙහි වෙයි !

මේ අතර  මහා මාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසන්නේ, අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය කිරීමට තමා විරුද්ධ බවයි.

ඒ පිළිබදව සිය ස්ථාවරය දක්වමින් යැවූ ඔහු උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍යංශයෙහි ලේකම්වරයා වෙත යොමුකළ ලිපියක එබව සඳහන් වේ.

තමන් රාජ්‍ය දේපළ පෞද්ගලිකකරණයට එරෙහි බවද එම ලිපියෙහි දක්වා තිබේ.

කෙසේවුවද, අධිවේගී මාර්ග පෞද්ගලිකකරණය නොකරන බව උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා යැව් අදාළ ලිපිය පහත පළවේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka