gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තිසර ගිහින් ලෝක කණ්ඩායමට ජය ගෙනෙයි

ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායම අතර ලාහෝරයේදී ඊයේ (13) පැවති 20යි 20 ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 07ක ජය අත්කර ගැනීමට ලෝක ක‍්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 06ක් දැවී ලකුණු 174ක් රැස් කළා.

බබර් අසාම් පන්දු 38කදි ලකුණු 45යි. ලෝක කණ්ඩායම නියෝජනය
කළ ශ‍්‍රී ලංකාවේ තිසර පෙරේරා ලකුණු 23කට කඩුලු 02ක් බිඳ හෙලූවා.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩා කළ ලෝක කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 05කදී කඩුලු 03කට ලකුණු 175ක් ලබා ගනිමින් තරගයේ ජය වාර්තා කළා.

පිත්තෙන්ද දස්කම් දැක්වූ තිසර පෙරේරා පන්දු 19කදි ලකුණු 47ක් රැස් කළා. ඒ, හයේ පහර 05ක් ද සමගයි.

හෂිම් අම්ලා පන්දු 55කදි නොදැවී ලකුණු 72යි. තරගයේ වීරයා සම්මානය තිසර පෙරේරාට හිමි වුණා.

තරග 03කින් සමන්විත මෙම තරගාවලියේ පළමු තරගය පාකිස්ථානය ජය ගත්තා. ඒ අනුව, මේ වනවිට එකට එකක් ලෙස තරගාවලිය සම මට්ටමට පත්ව තිබෙනවා.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka