gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කණ්ඩුලගේ මරණය ගැන සොයන්න කමිටුවක්

සිතුල්පව්ව පූජා භූමියට පැමිණෙන තිස්සමහාරාම - යෝධ කණ්ඩිය හරහා වන මාර්ගයේ සැරිසරන ‘‘කපිල’’ නමැති ඇතා ඉවත් කිරීමට පියවර ගන්නැයි සිතුල්පව්ව රජමහා විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් ඉල්ලීමක් කරයි.

මේ පිළිබදව වනජීවි අමාත්‍යාංශ නිලධාරීන් ද දැනුවත් කළ බව
උන්වහන්සේ සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යාංශ ලේකම් ආර්.එම්.ඩී.බී. මීගස්මුල්ලගෙන් විමසීමක් කළේය.

එහිදී ඔහු කියා සිටියේ රක්ෂිතයක සැරිසරන ඇතෙකු ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නොමැති නමුත්, එම සත්ත්වයා මාර්ගයට පැමිණීම  වැළැක්වීම සඳහා විශේෂ ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

එමෙන්ම සමස්ත ලංකා ගොවිජන සම්මේලනය තඹුත්තේගම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට ඊයේ උද්ඝෝෂණයක නිරත වූයේ වන අලි තර්ජනය හේතුවෙන් තම කුඹුරු හා ගොවිබිම් විනාශ වී ඇති බව පවසමිනි.

මේ අතර, ප්‍රතිකාර ලබාදීම සඳහා පින්නවල අලි අනාථාගාරය වෙත ලොරි රථයකින් රැගෙන එමින් සිටියදී අනතුරට ලක්ව පසුව ප්‍රතිකාර ලබමින් සිටියදී "කණ්ඩුල" අලියා මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ කමිටුවක් ද පත් කර තිබේ.

හබරණ සෆාරි සඳහා යොදවා තිබූ 56 හැවිරිදි කණ්ඩුල අලියා ප්‍රතිකාර සඳහා පින්නවල වෙත රැගෙන එමින් සිටියදී රියදුරුගේ අපරීක්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් අනතුරට ලක්වුණේ පසුගිය 09 දින පස්වරුවේදියි.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka