gossip lanka

පිරිමි වඳභාවයට පත් කරන කෙසෙල් කොම්පැණිය

රටට වින කරමින් ස්ථාන කිහිපයක පවත්වාගෙන යනු ලබන මහා පරිමාන අපනයන කෙසෙල් වගා ව්‍යාපෘතියක් පිළිබඳව පසුගියදා කතාබහට ලක්විය.

බුත්තල, කුඩාඔය, දෙමෝදර,දෙමළිය යන ප්‍රදේශවල පවත්වාගෙන යනු
ලබන මෙම කෙසෙල් වගාව නිසා පාරිසරික ගැටලු රැසක් මෙන්ම මිනිස් ජීවිතයටද හානිකර තත්ත්වයක් උදා වී ඇත.

බුත්තල ප්‍රදේශයේ අක්කර 500 කට ආසන්න භූමි ප්‍රදේශයක මෙම කෙසෙල් වගාව සිදු කෙරෙන අතර එයින් අත්වෙන හානිදායි තත්ත්වය නොතකා මෙම ව්‍යාපාරය පවත්වා ගෙන යාමට එහි බලධාරීහු සමත්ව සිටිති.

ආරම්භයේදී ඇමරිකානු බහුජාතික සමාගමක් විසින් මෙය දියත් කළ අතර මේ වන විට එය "ඩෝල්" නම් ජපානයේ බහු ජාතික සමාගම විසින් පවරාගෙන සිටී.

මෙහි "කැවෙන්ඩිස්" නම් කෙසෙල් වර්ගය මහාපරිමාණයෙන් වගාකර අපනයනය කරයි.ඉතාමත් විෂ රාසායනික ද්‍රව්‍ය මෙම වගාව සඳහා යොදා ගනී.මේ හේතුවෙන් බුත්තල ප්‍රදේශයේ ජනතාව ප්‍රබල සෞඛ්‍ය තර්ජනයකට මුහුණ දී සිටී. එමෙන්ම සාමාන්‍ය ජීවිකාව කරගෙන යාමට පවා මේ ජනතාවට නොහැකි වී ඇත්තේ සෞඛ්‍යට ,ගොවීන්ගේ වගාවන්ට , බීමට ගොවිතැනට ගන්නා වතුර ටිකට, සතා සිව්පාවාගේ ජීවිතයටද මෙම සමාගම විනයක් වී ඇති බැවිනි.

මෙම කෙසෙල් වගාව සඳහා ජලය ලබා ගැනීමට ගොවිපොළ ආශ්‍රිතව නළ ළිං 18 ක් පමණ ඇති අතර ඉන් කිහිපයක් පැය 24 පුරා ක්‍රියාත්මකය.තවද යාල ප්‍රදේශයෙන් මැණික් ගඟ හරස් කොට ඒ ජලය ද කෙසෙල් වගාව සඳහා යොදාගනී .

සම්පූර්ණයෙන්ම කෘෂීකාර්මික ප්‍රදේශයකට වැදී ගොවි බඩට විදිමින් කරන මෙම දැවැන්ත අපරාධය පිළිබඳව ප්‍රදේශවාසීන් විවිධ මත පල කරයි. ඔවුන් පවසන පරිදි මේ වන විට
වැසිකිළියට යාමට ජලය සලයා ගැනීමද මහත් ගැටලුවක් වී ඇත.

පරිසරවේදී සජීව චාමිකර මහතා පවසන්නේ මෙම ව්‍යාපෘති සඳහා රජයේ ඉඩම්, ඉඩම් ආඥා පණත් උල්ලංඝණය කරමින් මේ සඳහා යොදාගෙන ඇති බවයි.

තවද මෙම ආයතනය සඳහා මෑන් පවර් මගින් කම්කරුවන් යොදා ගන්නා අතර කම්මරු නීති රීතිද  උල්ලංඝණය කරන බව හෙළිවී ඇත. විශේෂිතම කරුණ වන්නේ මේ වගාව සඳහා යොදා ගන්නා විෂ රසායනික වර්ග හේතුවෙන් පිරිමින් වඳබාවයට පත් වීමයි.විදේශයක පිහිටුවා තිබූ මෙම සමාගමක සේවය කළ සේවකයින් සීඝ්‍රයෙන්  වඳබාවයට පත් වූ නිසා ඔවුන් එම සමාගමට එරෙහිව නඩුද පවරා ඇත.

මෙම තත්ත්වය තුළ කෙටි කාලීන මෙන්ම දිගුකාලීන බලපෑම් රැසක් මතුව ඇති අතර වහා ක්‍රියාක්මක වන පරිදි මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නා මෙන් ප්‍රදේශවාසීන් අදාළ බලධාරීන්ට
දන්වා සිටී.



gossip lanka