gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බල්ලන් සහ බළලුන්ගේ මුලික අයිතිවාසිකම් නඩුවට දින නියම කරයි!

සුනඛයන් සහ බළලුන් අමානුෂික ලෙසට ඝාතනය කිරීම වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පොලිස්පතිවරයා ඇතුළු බළධාරීන් වෙත අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් මස 13 දා සලකා බැලීමට  ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ඇතුළු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්
හමුවේ මෙම පෙත්සම අද (12) කැඳවු අවස්ථාවේ මෙලෙස සලකා බැලීමට දින නියම කෙරුණා.

මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම භික්ෂූන් වහන්සේලා 25 නමක් ඇතුළු පාර්ශවයන් 29 ක් විසින් ගොනු කර තිබෙනවා. මෑතකදී රාජ්‍ය විශ්ව විද්‍යාල පරිශ්‍ර ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සුනඛයන් සහ බළලුන් අමානුෂික ලෙසට ඝාතනයට ලක්ව ඇති බව පෙත්සම්කරුවන් පවසා තිබෙනවා.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka