gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෘථිවියට ළඟාවන සැතපුම් 3ක දැවැන්ත වස්තුව (VIDEOS)

පෘථිවියට සමීපව පිහිටි විශාලතම වස්තුව ලෙස සැළකෙන ග‍්‍රාහකය ඉදිරි පැය 24 තුළදී පෘථිවියට ආසන්නයෙන් ගමන් ගන්නා බව නාසා ආයතනය පවසනවා.

සැතපුම් 3ක් පමණ පළලින් යුක්ත බිත්තරයක හැඩැති මෙම ග‍්‍රාහකය නම්
කර ඇත්තේ ෆ්ලෝරන්ස් නමින්.

පියවි ඇසට දැකගත හැකි මෙම ග‍්‍රාහකය පෘථිවියට සමීපතම අවස්ථාවේදී සැතපුම් මිලියන 4ක් දුරින් ගමන් කරනවා.

යම් හෙයකින් මෙවැනි විශාලත්වයකින් යුතු ග‍්‍රාහකයක් පෘථිවියේ පස්වරක් ගැටුණහොත් එය මුලුමහත් පෘථිවි ජීවී සංහතියම විනාශ කිරීමට තරම් ප‍්‍රබල බවයි තාරකා විද්‍යාඥයින් කියාසිටියේ.

සූර්යයා සහ ග්‍රහලෝක නිර්මාණය වීමේදී ඉතිරි වූ සුන්බුන් කොටස් ෆ්ලෝරන්ස් ලෙස හඳුන්වනු ලබයි.

ෆ්ලෝරන්ස් නමැති ඇස්ටරොයිඩය මුලින්ම සොයා ගනු ලැබුවේ 1981 වසරේදීයි.

නාසා ආයතනය පවසන ආකාරයට 1890 න් පසු ෆ්ලෝරන්ස් ඇස්ටරොයිඩය පෘථිවියට වඩාත් ආසන්නයෙන් ගමන් කරනු ලබන්නේ මෙම වසරේදීයි.

2500 වසර වන විට ෆ්ලෝරන්ස් ඇස්ටරොයිඩය යළි ඒ ආකාරයට පෘථිවිය සමීපයෙන් ගමන් කරනු ඇති බවත් නාසා ආයතනය වැඩිදුරටත් කියා සිටියා.




මේ අතර, 2013 වසරේදී රුසියාවේදී මෙවැනි ග්‍රහකයක් පොලවට වැටීම හේතුවෙන් රුසියාවේ Chelyabinsk ප්‍රදේශයේ 1,500 ක් අනතුරට ලක්වුණා.

ඒ හේතුවෙන් ගොඩනැගිලි 7000 කට හානි සිදුවූවා.

එහි විශාලත්වය මීටර් 18ක් වූවා.

කෙසේ වෙතත් 2012 TC4 පෘථිවියේ ගැටීමක් සිදුවුවහොත් එයට වඩා දරුණු විනාශයක් සිදුවියහැකි බවයි නාසා ආයතනය පෙන්වා දී ඇත්තේ.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka