පොලීතින් භාවිතය අද සිට තහනම් කිරීමත් සමඟ බත් පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ නැංවීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
එහි ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ ඒ අනුව හෙට සිට
මෙම මිල වැඩි කිරීම සිදුකරන බවයි.
හෙට දිනයේ රැස්වී ලන්ච්ෂීට් භාවිත කරමින් ඇසුරුම් කර ලබාදෙන අනෙකුත් ආහාරවල මිල ගණන් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි ඔහු කියා සිටියේ.
ලන්ච් ෂීට් / ෂොපින් බෑග් සහ රිජිෆෝම් ආහාර ඇසුරුම් පෙට්ටි නිශ්පාදනය / බෙදා හැරීම සහ භාවිතය අද සිට තහනම් කෙරුනා.
එම නීතිය උල්ලංඝණය කරන පුද්ගලයන් රුපියල් 10000 ක හෝ වසර දෙකක සිර දඩුවමකට යටත්වනු ඇති.
මෙම නීතිය බලාත්මක කිරීමත් සමගයි ආපන ශාලා හිමියන්ගේ සංගමය බත් පාර්සලයක මිල වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.
බත් පාර්සලයක මිල හෙට සිට රුපියල් 10කින් ඉහළට
2017-09-01T15:16:00+05:30
Gossip Lanka Hot News
slide|