අවුරුදු දහයකට වැඩි කාලයක් ජාතික පාසල්වල මෙන්ම පළාත් පාසල්වලටද අරක් ගෙන සිටින විදුහල්පතීන් හා ගුරුවරුන් මේ වසර අවසන් වන විට වෙනත් පාසල්වලට මාරු වී යෑමට සිදුවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් අවධාරණය කරයි.
ජාතික පාසල්වල අතිරික්ත ගුරුවරුන්ට කොන්දේසි විරහිතව පළාත්
පාසල්වලට මාරුවීම සඳහාද අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන බලධාරීන් එකඟ වී ඇතැයිද ඇමැතිවරයා කීය.
පළාත් ලේකම්වරු-පළාත් අධ්‍යාපන ලේකම්වරු සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුද සමඟ ඉකුත් දා පැවැති සාකච්ඡාවලදී ඉහත කරුණු සඳහා එකඟතා ඇති කර ගත් බවද ඇමැතිවරයා පැවැසීය.
'අවුරුදු පහෙන් පහට මාරු කළ යුතුයි. එහෙම කරන්න එක්වරම බැහැ. මුලින් අවුරුදු දහයකට සීමා කර පසුව අඩු කරනවා' යැයිද හෙතෙම කීය.
-දයා පෙරේරා
අවුරුදු 10කට වඩා එකම පාසලේ ගුරුවරුනට ස්ථාන මාරු
2017-09-02T09:52:00+05:30
Gossip Lanka Hot News
slide|