gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

වැවට බැස්ස 'අර්ජුන'ගේ ලිංගේන්ද්‍රය කිඹුලා කාලා

ලංකාවේ දැනට සිටින දිගම දළ පූට්ටු ඇතුන් දෙදෙනාගෙන් එකෙකු වන අර්ජුන නමැති සද්දන්තයාගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් ඊයේ 05 වනදා දහවල් කිඹුලෙකු විසින් කඩාගෙන ඇති පුවතක් වාර්තාවුණා.

ඒ හේතුවෙන් එම සද්දන්තයා මේ වන විටත් ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බවයි පැවසෙන්නේ.

අර්ජුන නමැති මෙම සද්දන්ත ඇතා ඊයේ (05) දහවල් යාල ජාතික වන
උද්‍යානයේ සිතුල්පව්ව අසල වැවකට බසිද්දී මෙම අනතුර සිදුව තිබෙනවා.

ඇතෙකුගේ හෝ අලියෙකුගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් කිඹුලෙකු විසින් කඩා ගැනීමේ සිදුවීමක් මින් පෙර වාර්තාවී නැති බව ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරියෙක් පවසා ඇත.

රුධිර වහනය සමඟින් අධික වේදනාව හේතුවෙන් ඇතා කැලෑව බිඳගෙන හිස හැරුණු අත දුවමින් සිටින බව නිලධාරීන් සඳහන් කළා.

මෙම ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් ඇති බවත් වාර්තාවනවා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka