මේ වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 1,710 ක් ලැබී ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.
ඉන් පැමිණිලි 1,020 ක් වැඩිදුර විමර්ශනය සඳහා පියවර ගෙන ඇති බවද ඔහු කියා සිටියේය.
පනතට අදාළ නොවීම හෝ සාක්ෂි ප්‍රමාණවත් නොවීම හේතුවෙන්
පැමිණිලි 404 ක් වැඩිදුර විමර්ශනය නොකිරීමට තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියේ ය.
2015 වසරේ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පැමිණිලි 3964 ක් ද 2016 වසරේ පැමණිලි 3450 ක්ද ලැබී ඇතැයි සභාපතිවරයා සඳහන් කළේ ය.
මේ අතර පසුගිය මාස 8 තුළ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් නඩු 51 ක් පවරා තිබේ.
එහි සභාපති ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ නඩු 24 ක් මහේස්ත්‍රාත් අධිකරණයේද නඩු 27 ක් මහාධිකරණයේ ද පවරා ඇති බවයි.
2014 වසරේ නඩු 64 ක්ද 2015 වසරේ නඩු 108 ක් ද 2016 වසර් නඩු 87 ක්ද පවරා ඇති බව සභාපතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ, මේ වසර තුළ සාර්ථක අල්ලස් වැටලීම් 29 ක් සිදුකර ඇති බවයි.
වසරේ ගත වූ කාලය තුළ අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් පුද්ගලයින් 26 දෙනෙකු වරදකරුවන් වී තිබේ.
ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසුවේ 2014 පුද්ගලයින් 22 කු 2015 වසරේ පුද්ගලයින් 13 දෙනෙකු සහ 2016 වසරේ පුද්ගලයින් 21 දෙනෙකු අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරදකරුවන් වී ඇති බවයි.
අල්ලස් කොමිසම මේවසරේ පැමිණිලි දහස පන්නයි
2017-09-11T13:01:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



