වසර ගණනාවක් මුළුල්ලේ තම හිස කෙස් ආහාරයට ගැනීමට හුරුවී සිටි තරුණියකට සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් හිසකෙස් රාත්තල් 02කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර ඇති බව ඉන්දියාවෙන් වාර්තා වේ.
අදාළ තරුණියගේ උදරයෙන් එළියට ගත් හිසකෙස් ගුලිය අඟල් 10ක දිගකින් යුක්ත වන අතර එහි පළල අඟල් 4.7ක් බව සඳහන්
වේ.ඉන්දියාවේ මුම්බායි, රාජ්වාද් ප්‍රදේශයේ රෝහලකදී මෙම සැත්කම සිදුකර ඇත්තේ 20 හැවිරිදි තරුණියකය.
මෙම තරුණිය වමනය සහ උදරයේ වේදනාවකින් පෙළීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ මේ බව අනාවරණය වී ඇත.මෙලෙස තමන්ගේම හිස කෙස් ආහාරයට ගැනීම රිපැන්සල් සින්ඩ්රෝම් නමැති මානසික රෝගයක් බව වෛද්‍යවරු පවසයි.
පසුගිය අගෝස්තු 31 වනදා මෙම සැත්කම සිදුකර ඇති අතර එම තරුණිය මේ වනවිට සුවය ලබමින් සිටින බව වාර්තා වේ.
තරුණියකගේ බඩේ කෙස් රාත්තල් 02 ක්
2017-09-11T12:58:00+05:30
Gossip Lanka Hot News
slide|




Posted in: 



