ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අයත් බස් රථයක් සහ මෝටර් රථයක් සෙනසුරාදා රාත්‍රී 11.20 ට පමණ හෝමාගම හයිලෙවල් මාර්ගයේ නාවින්න හන්දියේදී මුහුණට මුහුණලා ගැටීමෙන් සිදුවූ අනතුරකින් බස් රථයේ ගමන් ගත් විශ්ව විද්‍යාල සිසුන් 19 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාල ලැබූවන් කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් ඉන් බරපතල තුවාල ලබා සිටි එක් සිසුවකු පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් පොලිසිය පවසයි.
අනතුරට ලක්ව ඇත්තේ තලංගම ප්‍රදේශයේ තිබු වැඩමුළුවකට සහභාගිවී ආපසු විශ්ව විද්‍යාලයට ගමන් කරමින් සිටි සිසුන් 65 දෙනෙකු රැගත් බස් රථයකි.
අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරා අත් අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බව හෝමාගම පොලිසිය පවසයි.
රිය අනතුරකින් ජ‘පුර සිසුන් 19ක් රෝහලේ - (Photos)
2017-09-03T15:05:00+05:30
Gossip Lanka Hot News