බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු කිඹුල් ප්‍රහාරයකට ලක්ව ශ්‍රී ලංකාවේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.
පෝල් මැක්ක්ලීන් නම් 25 හැවැරිදි මාධ්‍යවේදියෙකු මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. එහු ෆයිනෑන්ෂියල් ටයිම්ස් නම් පුවත්පතකට සේවය කර තිබේ.
කෙසේ වෙතත් මේ පිළිබඳව පොලීසිය නිකුත් කළ නිවේදනය
දැක්වෙන්නේ පානම, හැඩඔය කලපුවේ දිය නාමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම සිදුවීම ඊයේ (14දා) සිදුව තිබේ. ඔහුගේ සිරුර අද පෙරවරුව වෙන විටද සොයාගෙන නොතිබූ බව වාර්තාවේ.
සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා ඇත්තේ ඔහු ජලය යටට එක්වරම ගිය බවයි.
බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙක් ලංකාවේදී කිඹුල් ප්‍රහාරයකින් මරුට
2017-09-15T13:28:00+05:30
Gossip Lanka Hot News
slide|