gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලං බලංගොඩ රා තැබෑරුමට ආ මුදල් ගොඩ !

බළන්ගොඩ පින්නවල අංක 2 දරන රා තැබෑරුම මේ වසර (2017) සඳහා රුපියල් දෙකෝටි හැත්තෑඅට ලක්ෂයකට වෙන්දේසි වූ බව ඉඹුල්පේ ප්‍රාදේශීය ‍ලේකම් කීර්ති ජයසිංහ මහතා කියා සිටියේය.

එම වෙන්දේසිය උදේ ඉඹුල්පේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ඉකුත් වර්ෂයේ එය වෙන්දේසි වූයේ රුපියල් එක්කෝටි තිස්තුන්
ලක්ෂයකට බවත් ඉදිරි වර්ෂය සඳහා එය වාර්තාගත අගයකට වෙන්දේසි වූ බවත් ප්‍රාදේශීය ‍ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

බළන්ගොඩ නගරයේ සිට මඳ දුරක් ඈතින් ඉඹුල්පේ ප්‍රාදේශීය කොට්ඨාසයේ  පින්නවල ගම්මානයේ මෙම රා තැබෑරුම පිහිටා ඇත. මෙම ප්‍රදේශයේ වතු ජනතාව බහුලව දිවි ගෙවති.

මෙම රා තැබෑරුමේ ටෙන්ඩරය සඳහා දෙවැනියට ඉදිරිපත් කර තිබූ ටෙන්ඩර් මුදල රුපියල් දෙකෝටි දහතුන් ලක්ෂයකි.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka