gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රටම බලා සිටින වැටුණු ක්‍රිකට් ගොඩගන්න එන අලුත් ඇමති මෙන්න

පසුගිය කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සඳහා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් නිසි පරිදි සංචිතයකට ඇතුළත් නොවීම ද හේතුවක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශයේ පැවති
පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් හමුවකට එක්වෙමින්.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මුහුණ දී ඇති අභාග්‍ය සම්පන්න තත්ත්වය සඳහා පාසල් මට්ටමෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කිරීම සඳහාත්, ඒ සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහාත් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් අධ්‍යාපන අමාත්‍යංශයට කැඳවා තිබුණා

පාසල් ක්‍රිකට් සංගමය නියෝජනය කරන පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සහ නිලධාරීන් රැසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගී වූවා.

පසුගිය කාලයේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් අතුරින් පාසල් සංචිත පත්කිරීමේදී සහ ඔවුන් අතරින් ජාත්‍යන්තර කණ්ඩායම් නියෝජනය කිරීම සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමේදී සිදු වූ විවිධ අකටයුතුකම් ක්‍රීඩාවේ ඇද වැටීමට හේතු වී ඇති බව පාසල් ක්‍රිකට් සංගමය නිලධාරින් ද අවධාරණය කළා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ පාසල් මට්ටමින් දක්ෂ ක්‍රීඩකයන් නිර්මාණය කර දීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය සතුව ඇති බැවින්, ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගෙන් සමන්විත කමිටුවක් සකස් කොට එහි ද උපදෙස් ලබා ගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් දියත් කිරීමට තමා නායකත්වය ලබාදෙන බවයි.

එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන් සැදුම්ලත් සංචිතය නම් කිරීමේදී ඒ සඳහා විනිවිද භාවයෙන් යුත් තෝරාගැනීමේ නිර්ණායක සකස් කිරීමේ අවශ්‍යතාවයද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.

වර්තමානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට පසුගිය දශකයකට ආසන්න කාළයේ සිදුවූ පාසල් ක්‍රීඩකයන් හඳුනා ගැනීමේ ගැටලු මූලික වී ඇති බවයි මෙහිදී අනාවරණය වූයේ.

ඒ අනුව පාසල් වලින් බිහිවන දක්ෂතම ක්‍රීඩකයන් නිසි අයුරින් හඳුනා ගැනීමින් සමස්ත දිවයිනම ආවරණය කරමින් පනහකගෙන් පමණ සමන්විත පාසල් ක්‍රිකට් සංචිතයක් ඇති කිරීම සඳහා ද එහිදී අවධානය යොමු වුවා.

හැකි ඉක්මනින් මෙරට නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ සහය ලබා ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ද සම්බන්ධ වෙමින් ඉදිරි වැඩ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අධ්‍යාපන අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

එමෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ වාර්තාවක් ලබාදෙන ලෙසද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

ඒ අනුව එළඹෙන අඟහරුවාදා (12) සවස 03.00 ට ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහ පුහුණුකරුවන්ගේ ද සහභාගීත්වයෙන් අදාල වාර්තාව පිළිබඳව ද අවධානය යොමු කරමින් විශේෂ රැස්වීමක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වීමටයි තීරණය වූයේ.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka