gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අජිත් නිවාඩ් කබ්රාල්ගේ ගිණුම් පරීක්ෂාවට !

2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා සී ඩබ්ලිව් ජී හම්බන්තොට 2018 සමාගමට මුදල් ලබාදීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ, ඒ මහතාගේ බිරියගේ සහ දරු දෙදෙනාගේ ගිණුම් පරීක්ෂා කිරිමට පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් සිදු කළ ඉල්ලීමට
කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පෙරේදා(04) අවසර ලබා දුන්නාය.

ඒ අනුව ඔවුන්ට අයත් විවිධ බැංකුවල ගිණුම් 12 කට අධික ප්‍රමාණයක් පරීක්ෂා කිරිමට මහේස්ත්‍රාත්වරිය පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයට අවසර දෙනු ලැබුවාය.

2018 වසරේ පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඔස්ට්‍රෙලියාව සමග ලංසු දමා ඡන්ද විමසීම සඳහා රුපියල් මිලියන 650ක් වැය කිරිම සම්බන්ධයෙන් විමර්ශන සිදුකර ඇති අතර එම මුදලින් රුපියල් මිලියන 50ක් ආයෝජනය කළා යැයි සැකකරෙන දාටෝ සේරි නැමැති මැලේසියානු ජාතිකයාගේ ගීණුම් පරීක්ෂා කිරිමේදී එම මුදල් ඉහත ගිණුම්වලට බැර වී ඇති බව පිළිගෙන ඇති බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඔහු මහ බැංකු අධිපතිවරයාව සිටියදී රජයේ සුරැකුම්පත්වල සහ මහාභාණ්ඩාගාර බිල්පත්වල මුදල් ආයෝජනය කර ඇද්දැයි සොයා බලන බවද මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ව්‍යාපෘතිය මගින් ලබා ගත් මුදලින් හම්බන්තොට කොමන්වෙලත් (CWG) ක්‍රීඩා ගම්මානයක් හදන්න සැලසුම් කර ඇති බවත් ඡන්ද විමසීමට ප්‍රථම මෙම මුදල් ආයෝජනය කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය සිදු කළ විමර්ශන අනාවරණය කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධීපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා 2015.07.21ත් 2017.07.29ත් අතර කාලය තුළ පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය විමර්ශන සිදු කර ඇත.

-දිනමිණ



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka