gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහීපාල හේරත් නූලෙන් බේරෙයි

සබරගමු පළාත් මහ ඇමැතිවරයා ගමන් ගත් ජීප් රථය පෙරේදා රාත්‍රි 12.45ට පමණ අවිස්සාවේල්ල - කෑගල්ල මාර්ගයේ පිටගල්දෙණිය ප්‍රදේශයේදී අනතුරකට පත් වීමෙන් එහි රියැදුරු බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

මහීපාල හේරත් ඇමැතිවරයාට මේ අනතුරින් කිසිදු හානියක් සිදුවී නැත. ඔහු ගමන්ගත් ලෑන්ඩ් කෘෘෂර් වර්ගයට අයත් වාහනය අංක ඩබ්ලිව්. පී. එල්.වයි. 2016 දරන 'ප්‍රයිමුවර්' වාහනයේ බඳේ වැදීමෙන් මෙම අනතුර සිදු වී ඇත.

මහ ඇමැතිවරයා රත්නපුරයේ සිට කෑගල්ලට එන අතර තුරදී මෙම අනතුර සිදුවී ඇති අතර බරපතළ තුවාල ලැබූ ජීප් රථයේ රියැදුරු පී.එස්. විජයරත්න මහතා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර 'ප්‍රයිමුවර්' රථයේ රියැදුරු වතුර, කෙසෙල්වත්තේ පදිංචි රුක්ෂා මදුසංක හා සහායක පින්දෙණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනතුර සම්බන්ව පින්දෙණිය පොලිසියේ ස්ථානාධිපති ලසන්ත කළුආරච්චි මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති සමඟ පො.සැ. ජයතිස්ස යන නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

- බණ්ඩාර මද්දුමගේ, අරණායක - රත්න හෙම්මාතගම
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka