gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලංකාවේ විස්සයි විස්සට ඉන්දියාවේ වැඩ්ඩෝ තුනක් නෑ

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත එක්දින තරඟාවලිය සහ විස්සයි විස්ස තරඟය වෙනුවෙන් නම් කළ ඉන්දීය කණ්ඩායමෙන් යුවරාජ් සිං, රවීචන්ද්‍රන් අශ්වින් සහ රවීන්ද්‍ර ජඩේජා ඉවත් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

ඊයේ රැස්වූ ඉන්දීය තේරීම් කමිටුව ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් යුත්
මෙම සංචිතය නම්කර ඇති බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

යුවරාජ් සිං වෙනුවට රෝහිත් ෂර්මා කණ්ඩායමට එක්කර ඇති අතර අක්ෂා පටෙල් සංචිතයට එක්කර ඇත්තේ රවීචන්ද්‍රන් අශ්වින් වෙනුවටයි.

රවීන්ද්‍ර ජඩේජා වෙනුවට පාදඟ පන්දු යවන ක්‍රීඩක යුෂ්වේන්ද්‍ර චහාල් සංචිතයට එක් කිරීමට ඉන්දීය තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක ශාදුර් ඨාකූර් ඉන්දීය සංචිතයට ඇතුළත්ව ඇති නවතම ක්‍රීඩකයායි.

බටහිට ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවති එක්දින තරගාවලියේදී විවේක ගැන්වූ රෝහිත් ශර්මා සංචිතයට ඇතුළත් කර ඇත්තේ උපනායකයා ලෙසටයි.

අගෝස්තු 20 දා දඹුල්ලේදී පළමු එක්දින තරඟය පැවැත්වෙන අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී තරඟ 02ක් සහ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී එක්දින තරඟ 02ක් පැවැත්වීමට කටයුතු සැලසුම්කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන විසයි විස්ස තරඟය සැප්තැම්බර් 06 දා පැවැත්වෙන්නේ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදීයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka