gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ලොව විශාලතම A 380 ගුවන් යානයක් පලමුවරට ලංකාවට

එමිරේට්ස් ගුවන් සමාගමට අයත් A - 380 වර්ගයේ ගුවන්යානයක් ඩුබායි සිට ඊයේ (14) පස්වරු 04.30ට පමණ කටුනායක ගුවන් තොටුපලවෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.

ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ලෙස සැළකෙන මෙම යානය අපහසුතාවයකින් තොරව ගොඩබෑම සිදුකළ බව ද වාර්තා වේ.

වසරේ මුල සිදුකළ ධාවන පථයේ නවීකරණය හේතුවෙන් ලොව
විශාලතම ගුවන් යානා මෙරටදී හැසිරවිය හැකි බව කටුනායක ගුවන් තොටුපළ බලධාරීහු පෙන්වා දෙති.

දියුණුවට පත් ගුවන් මගී ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ අද දක්නට ඇති විශාලතම ගුවන් යානය වන්නේ යුරෝපයේ එයාර්බස් සමාගම විසින් නිෂ්පාදිත A 380 යානාව යි.

මගීන් 517ක් රැගෙන අඩි 43,000ක් ඉහළ අහසේ ගමන්කිරීමට ඊට හැකියාව තිබේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka