gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අන්ත පරාජයෙන් පසුව චන්දිමාල් කියූ දේ

ඉන්දියාවට එරෙහිව පැවති තරඟාවලි පරාජයෙන් පසුව ඊයේ (14)  පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් සිය අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ තමා සහභාගි වූ තරගාවලිවලදී ලද දරුණුතම පරාජය මෙය බවයි.

නායකයකු ලෙස තමන්  පරාජයේ වගකීම භාර ගන්නා බවද ඔහු කියා සිටියා.

කණ්‌ඩායමක් ලෙස  ඉදිරියේදී නැගී සිටීම අරමුණ බවත් පියවරෙන් පියවර  ඉදිරියට යෑමට ඉදිරියේදී සිදුවන
බවත් දිනේෂ්  චන්දිමාල් එහිදී ප්‍රකාශ කළා.

”මම ක්‍රීඩා කරපු තරගාවලි පරාජයට පත්වෙලා තියෙනවා. අපි දකුණු අප්‍රිකාවේදීත් තුනට බිංදුවක් ලෙසට පරාජය වුණා.

නමුත් අපේ රටේ ගහද්දී අපිට ටෙස්‌ට්‌ තරග තුනේදීම දින පහක්‌ ගහන්න බැරි වුණා.

මේ තරගය දින දෙකහමාරකින් විතර ඉවර වුණා. කිසිවකුට නිදහසට කාරණා කියන්න දෙයක්‌ නැහැ.

මගේ ක්‍රිකට්‌ දිවියේ ලබපු දරුණුම පරාජය තමයි මේක.

පැරදුනාම එක එක නිදහසට කරුණු  කියල වැඩක්‌ නැහැ.

මම කවදාවත් ක්‍රීඩකයකු වශයෙන් සහ නායකයකු වශයෙන් කණ්‌ඩායම අමාරු වෙලාවේදි දාලා යන කෙනෙක්‌ නෙමෙයි. අපිට හදාගන්න තියෙන දේවල් තියෙනවා.

මම විශ්වාස කරනවා අපිට මේ කණ්‌ඩායම විදිහට ඉදිරියේදී නැගීසිටීමට හැකි බව.

එක පාරටම බැරි වුණත් පියවරෙන් පියවර ඉදිරියට යන්න ඕන.

මේ කණ්ඩායමේ හැමෝම පුහුණුවීම්වලදී හැමදෙනාම ඉතාමත් උනන්දුවෙන් මහන්සියෙන් පුහුණුවීම් කරනවා.

නමුත් පිටියට ගිහිල්ල හරිදේ කරන්න බැරි වුණා.

නායකයකු ලෙස මම පරාජයේ වගකීම භාර ගන්නවා.

ඒ වගේම මේ පරාජයන් ගැන අපේ ක්‍රිකට්‌ රසිකයන් හැමදෙනාටම මම කණගාටුව  ප්‍රකාශ කරනවා.

මගේ මොකක්‌ හෝ අඩුපාඩුවක්‌ නිසා මාව සිම්බාබ්වේ සමග පැවැති එක්‌ දින තරගාවලියේදී තෝර ගත්තෙ නැහැ.

මගේ ප්‍රහාරාත්මක වේගයේ අඩුපාඩුවක්‌ තියෙනව කියල කවුරු හරි කියනවනම් මම දැන් ඒ දේවල් නිවැරදි කරගෙන තියෙන්නෙ. ප්‍රහාරාත්මක වේගය අඩු වුණා නම් ඒකට හේතුවක්‌ තිබුණා. ඒ තමයි අනිත් පැත්තෙ පිතිකරුවන් දැවී යන විට මට කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු ලබා ගන්න සිදුවීම.

කොහොම වුණත් මම බලාපොරොත්තුවෙන් ඉන්නවා අවස්‌ථාවක්‌ ආවොත් උපරිමය කණ්‌ඩායමට ලබාදෙන්න.”

යනුවෙන් චන්දිමාල් එහිදී වැඩිදුරටත් සඳහන් කළා.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka