gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හැඳුනුම්පත ඔක්‌තෝම්බරයේ ස්‌මාර්ට්‌ වෙයි

නව ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පත් ලබන ඔක්‌තෝබර් මාසයේ සිට නිකුත් කිරීමට තීරණය කර ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එහි පළමු අදියර යටතේ වයස අවුරුදු 15 සම්පූර්ණ වූ අලුතෙන් ජාතික හැඳුනුම්පත් අයදුම් කරන්නන්ට හා නැතිවූ අයදුම්පත් හා සංශෝධන
අයදුම්පත් සඳහා නව ජාතික ස්‌මාර්ට්‌ හැඳුනුම්පත ලබාදෙන බව එහි කොමසාරිස්‌ ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි.

මෙහි දෙවැනි අදියර යටතේ 2018 වසරේ සිට මෙම ස්‌මාර්ට්‌ ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ හා ඡායාරූපය ඇතුළත් ජීව මිතික දත්ත ඇතුළත් කෙරෙන බවද ඒ සඳහා ග්‍රාම නිලධාරීන් මගින් ජාතික පුද්ගල නාමලේඛන රට පුරා සැකසෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

එමෙන්ම මෙම නව‌ ජාතික හැඳුනුම්පත දැනට ජාතික හැඳුනුම්පත් හිමි මිලියන 16 ක් පමණ වන ජනතාවට නැවතත් අලුතෙන් ලබාගැනීමට සිදුවන බවද හෙතෙම අවධාරණය කරයි.

මේ සමඟම ව්‍යාජ හැඳුනුම්පත් සැකසීම හා ඒ සම්බන්ධ වංචනික ක්‍රියාවන් මුළුමනින්ම නතර වනු ඇති බවටද  ඒ මහතා අදහස් පලකර සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka